Smart කාන්තාවක් ලෙස පෞද්ගලික සනීපාරක්ෂාවේ වැදගත්කම

0
10


සෑම කෙනෙක්ම කෙනෙක් ම සැලකිලිමත් විය යුතු කාරණාවක් ගැනයි අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. Smart කාන්තාවක් වන ඔබට පුද්ගලික සනීපාරක්ෂාව වැදගත් වෙන්නේ ඇයි ? මේ ගැන කතා කරන විට එහි සැලකිලිමත් විය යුතු බොහෝ පැතිකඩයන් තිබෙනවා. ඒ ගැන අපි මේ ලිපියෙන් සොයා බලමු. 

පුද්ගලික සනීපාරක්ෂාව කියන්නේ ඔබ ඔබේ ශරීරය, එහි පිරිසිදුකම සහ යහපැවැත්ම පිළිබඳව ඔබ පෞද්ගලිකව සැලකිලිමත් වන ආකාරයයි.පුද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගැනීමට උපකාරී වන සනීපාරක්ෂා පිළිවෙත් අතරට නෑම , අත් සේදීම ,දත් මැදීම , වැසිකිළියට ගිය පසු නිසි ලෙස පිරිසිදු වීම , නියපොතු පිරිසිදු කර ගැනීම වැනි බොහෝ පුරුදු ඇතුලත් වෙනවා.

සෑම දිනකම ඔබේ ශරීරය විෂබීජ , වෛරස් සහ බැක්ටීරියා මිලියන ගණනක් සමග සම්බන්ධ වන අතර ඒවායින් බොහෝමයක් නිසා ඔබ විවිධ අසනීප තත්ත්වයන්ට ගොදුරු වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ පිළිබඳව ඔබට හොඳ හැඟීමක් ඇති කරවීමට වගේම ඔබ ගැටෙන සමාජයේ අන් අයට ඔබ පිළිබඳව හොඳ හැඟීමක් ඇති කිරීමටත් මේ පුද්ගලික සනීපාරක්ෂාව වැදගත් වෙනවා.

ඔබට මෙයින් බොහොම අවාසිදායක ප්‍රතිඵල අත්කර දිය හැකියි. ප්‍රධාන වශයෙන්ම ඔබට නිතර නිතර විවිධ ලෙඩ රෝග වැළඳීම , දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් ඇතිවීම , රැකියා ස්ථානයේ දී මෙන්ම ඔබේ පුද්ගලික සබඳතා තුළදීත් ඔබ ගැටලු වලට මුහුණ දීම වැනි දේවල් සිදු වීමේ වැඩි ප්‍රවනතාවයක් තියෙනවා. 

ඔබ දිනපතා පිරිසිදු වීමට විධිමත් කාල සටහනක් , එහෙමත් නැත්නම් හොඳ routine එකක් පවත්වාගෙන යන්නේ නැත්නම් ඔබේ ශරීරයේ දුර්ගන්ධය , තෙල් සහිත සම , කුරුලෑ ,දුර්වල හිසකෙස් ඇතුළු ගැටළු බොහෝමයක් ඇතිවිය හැකියි.  මේවා ඔබ ඇසුරු කරන පුද්ගලයන්ටත් අපහසුතාවයක් ඇති කරන අතරම ඔබේ වෘත්තිමය තත්ත්වයන්ටත් අහිතකර බලපෑම් ඇති කල හැකියි.

අප වැසිකිලියට යන විට අපි අපගේ ශරීරයේ අපද්‍රව්‍ය ඉවත් කරනවා. අපගේ මළ මුත්‍රා වල විශබීජ දහස් ගණනක් පවතින බව ඔබ දන්නවා. අපි නිසි ලෙස වැසිකිළි සනීපාරක්ෂාව භාවිතා කරන්නෙ නැත්නම් එම විෂබීජ අවට පැතිරීම වගේම ඒවායින් අපම සෞඛ්‍ය අවදානම් වලට ගොදුරු වීමේ හැකියාව තියෙනවා.  ඒ නිසා වැසිකිළිය භාවිතා කිරීමෙන් පසු ඔබ පිරිසිදු වීම වගේම වැසිකිළිය පිරිසිදු කරන්නත් අමතක කරන්න එපා. 

දිනපතා නෑම සහ ඇඟ සේදීම ඔබේ සමස්ත ශරීරයේ සනීපාරක්ෂාව සඳහා වැදගත් වෙනවා. මෙමගින් ඔබේ ශරීරයේ විවිධ ස්ථානවල විෂබීජ තැන්පත් වීම වැළකෙන අතර හිස්සොරි ඇතිවීම ,තෙල් සහිත සමක් ඇතිවීම , කුරුලෑ ඇති වීම ද වැලකෙනවා.

ඒ සඳහා ,

ඔබේ පාද ,ඉකිළි , කන් පිටුපස ඇතුළු සංවේදී ස්ථාන සියල්ල කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න 

ඔබේ මුහුණේ තිබෙන්නේ තෙල් සහිත සමක් නම් ඒ සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන භාවිතා කරන්න 

ඔබගේ හිසකෙස් සදහා ඉතා හොඳ තත්වයේ ෂැම්පු සහ කන්ඩිශනර් භාවිතා කරන්න

දිනපතාම නියපොතු පිරිසිදු කරන්න 

ඩියෝඩ්රන්ට් එකක් භාවිතා කරන්න 

විෂබීජ ඔබේ ශරීරයට ඇතුළු වීමට ඇති පහසුම ක්‍රම ලෙස මුඛය , නාසය , ඇස් සහ කන් හැඳින්වෙනවා. ඒ නිසා එවැනි මාර්ග වලින් ඔබේ ශරීරයට වෛරස් ඇතුළු වීමට එරෙහිව සටන් කිරීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ඔබේ අත් නිසි අවස්ථාවලදී නිසි ලෙස සේදීමයි. සබන් හෝ වෙනත් අත් සේදීමේ ද්‍රාව්‍යයක් භාවිතා කරමින් අවම වශයෙන් තප්පර තත්පර තිහක් වත් අත සේදිය යුතුයි.

කෑමට පෙර සහ පසු 

වැසිකිළිය භාවිත කිරීමෙන් පසු 

පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමෙන් පසු

පොදු ස්ථාන වල ගැවසීමෙන් පසු 

පඩිපෙළවල් වල අත් වැටවල් ස්පර්ශ වීමෙන් පසු

කුඩා දරුවන් සමඟ ගැවසීමට පෙර 

ආහාර පිසීමට පෙර 

ඔබට නොපෙනෙන විෂබීජ සහ බැක්ටීරියා ඔබේ නියපොතු තුළ සැඟවී තියෙන්නට පුළුවන්. මේ හේතුව නිසා ඔබ නිතරම ඔබේ නියපොතු කෙටිව සහ පිරිසිදුව තබා ගත යුතුයි. සාමාන්‍යයෙන් කාන්තාවක් නියපොතු  කෙටිව තබා ගන්නා ප්‍රමාණය අඩු නිසා ඒවායේ පිරිසිදු කම ගැන නිරන්තරයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඊට අමතරව නියපොතු කෑම පුරුද්දක් වශයෙන් සිදු කරන කෙනෙක් නම් එය නතර කිරීමටත් අනිවාර්යයෙන්ම වග බලා ගත යුතුයි.

විශේෂයෙන්ම කාන්තා පිරිමි දෙපාර්ශවයම මේ පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනෙ. අවම වශයෙන් දිනකට දෙවරක්වත් දත් මැදීම සිදු කළ යුතු වන අතර , ආහාර ගැනීමෙන් පසුව මුඛ සෝදනයක් භාවිතා කිරීම , මාස 6 කට වරක්වත් දන්ත වෛද්‍යවරයෙකු මුණ ගැසීම ඔබ කළ යුතු වෙනවා. ඔබ කථා කරන විට ඔබේ මුඛයෙන් දුර්ගන්ධයක් හමනවා නම් ගනුදෙනු කිරීමට කිසිවෙකු කැමති වන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබ කාර්යාලයක රැකියාවක් කරන අයෙක් නම් ඉතා හොඳ මුඛ සෝදනයක් නිතරම ළඟ තබා ගන්නට අමතක කරන්න එපා.

රැකියා ස්ථානයේදීත් පුද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගෙන යාම අතිශයින්ම වැදගත් වනවා. එයට හේතුව වන්නේ රැකියා ස්ථානයේ දී ඔබට බොහෝ පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමට සිදුවීමයි. 

ඒ නිසා , 

රැකියා ස්ථානයට පැමිණි විගස හොඳින් අත් සෝදන්න 

නිතරම hand sanitizer එකක් භාවිතා කරන්න

ඔබගේ මග් එක සහ වතුර බීම සඳහා පාවිච්චි බෝතල් සහ කෝප්ප හොඳින් සෝදන්න 

ඔබ වැඩ කරන මේසය දිනපතා පිරිසිදු කරන්න

කෑමෙන් පසු නිසි ලෙස අත් සෝදන්න , hand cream එකක් හෝ sanitizer එකක් භාවිතා කරන්න   



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here