පසුගිය පාලන සමයන් හිදී විකුණා දැමීමට සැලසුම් කරමින් තිබූ SLT – MOBITEL ආයතනය වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ ගෙවුණු 2025 වසරේ රුපියල් බිලියන 6.5ක ලාභයක් වාර්තා කර තිබෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න,
“ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ එන SLT – MOBITEL ආයතනය මීට ඉස්සෙල්ලා තිබ්බේ ඉතාමත් පාඩු ලබන ආයතනයක් විදිහට. ඉතාමත් ආකාර්යක්ෂම ආයතනයක් විදිහට. ඒ වාගේම විකිණීමේ තර්ජනයට මුහුණ පාලා තිබ්බ ප්‍රධානම ආයතනයක් තමයි මේ SLT – MOBITEL ආයතනය.
නමුත් අපි බලයට පත්වෙලා අලුතෙන් පත් කරපු සභාපති තුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ නායකත්වය ඇතුව දැන් SLT – MOBITEL ආයතනය 2025 දී රුපියල් බිලියන 6.5කට අධික ලාභයක් ලබන ආයතනයක් බවට පත් කරන්න අපිට හැකි වෙලා තියෙනවා.
අපේ ජාතික ඩිජිටල් වැඩපිළිවෙළේ ඉතාම ලොකු පුරුකක් වන මේ ඩිජිටල් යටිතල පහසුකම් හදන, අපිට දුරකථන සන්නිවේදනය ලබා දෙන, රාජ්‍ය ආයතනයක් වන SLT – MOBITEL ආයතනය අවුරුද්දක් යන්නත් ප්‍රථම මේ වගේ පරිවර්තනයක් කර ගන්න අපිට හැකියාව ලැබිල තියෙනවා.
අපි බලාපොරොත්තු වෙනවා මේ ආයතනය තවදුරටත් දියුණු කිරීම හරහා මේක රාජ්‍ය ආයතනයක් විදිහට පවත්වා ගෙන යන්නත්, ඒ ආයතනය හරහාත් අනෙකුත් පෞද්ගලික ආයතනත් ප්‍රයෝජනයට අරගෙන ඉන්ටනෙට් සහ දුරකථන සඳහා වන මේ ඩිජිටල් යටිතල පහසුකම අඩු පළාත්වලටත් එම පහසුකම් නැති පළාත්වලටත් ලබා දෙන ලොකු වැඩපිළිවෙළකට ගිහිල්ලා අපි සියලුම ජනතාවට මෙම ඩිජිටල් පද්ධතිවලට ප්‍රවිශ්ටවීමේ හැකියාව ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසීය.
1
Saru News










