ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු වන SINGER (Sri Lanka) PLC TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා උත්සවාකර්ෂයෙන් සිදුවිය.
ලොව ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් යතුරුපැදි නිෂ්පාදනය කරන සමාගමක් වන TAILG සමඟින් වූ මෙම සහයෝගීතාවය, තිරසාර නිෂ්පාදන කාණ්ඩ දක්වා ව්‍යාප්ත වීමට මෙන්ම වැඩි පිරිසකට දැරිය හැකි මිලකට සහ පරිසර හිතකාමී ගමනාගමන ප්‍රවර්ධනය කිරීම සඳහා SINGER හි ඇති කැපවීම පෙන්නුම් කරයි.
මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් SINGER (Sri Lanka) PLC හි සමූහ කළමනාකාර අධ්යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පැවසීය. අනාගත ගමනාගමනය ප්‍රයෝජනවත්, පරිසරය හිතකාමී සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි විය යුතු බව SINGER අපි විශ්වාස කරනවා. ලොව ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් යතුරුපැදි වෙළෙඳ නාමයක් වන TAILG සමඟ එක්ව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ තිරසාර හා නව්‍ය ගමනාගමන විකල්ප ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක්.
2004 වසරේදී ආරම්භ කරන ලද TAILG අද වන විට රටවල් 90කට අධික සංඛ්‍යාවකට සිය නිෂ්පාදන අපනයනය කරන ගෝලීය නිෂ්පාදකයෙකු ලෙස වර්ධනය වී ඇත. සමාගමේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඒවායේ ධාවන පරාසය, ශක්තිමත් ක්‍රියාකාරිත්වය සහ උසස් තත්ත්වයේ නිර්මාණ ප්රමිතීන් නිසා ලොවපුරා පිළිගැනීමට ලක්ව ඇත. SINGER හි දීපව්‍යාප්ත අලෙවි හා සේවා ජාලය සහ TAILG හි උසස් තාක්ෂණය එකට ඒකාබද්ධ කරන මෙම හවුල්කාරිත්වය මගින්, ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර ප්‍රමිතියේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි මිලදී ගැනීමේ හැකියාව මෙන්ම ශ්‍රී ලංකාව තුළ අලෙවියෙන් පසු සේවාවන්ද නිසි ලෙස ලබා දෙනු ඇත.
Saru FM Media







