ලොව ප්‍රමුඛතම පරිගණක ඉලෙක්ට්‍රොනික සන්නාමයක් වන ASUS ලැප්ටොප් මාදිලි එකතුවට අලුතින්ම එක් වූ ASUS Gaming V16 (V3607) ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව දැන් උදා වී ඇත.
පරිගණක ක්‍රීඩාවලට උනන්දුවක් ඇති අයට මෙන්ම, නිර්මාණ ශිල්පීන්ට, සිසුන්ට සහ වෘත්තිකයන්ට ගැළපෙන අයුරින් නිර්මාණය කර ඇති ASUS Gaming V16, අති නවීන තාක්‍ෂණයෙන් සහ සැහැල්ලූ සිත්ගන්නා නිමාවකින් සමන්විතයි. ඉතා වේගවත් refresh rate සහිත display එකක් සහ ප්‍රබල විශේෂාංග රැසකින් යුතු මෙම මාදිලිය මෙරටට හඳුන්වා දීම සිදු කෙරුණේ Singer Sri Lanka PLC සමාගමේ සහයෝගීතාවයෙනි.
ASUS Gaming V16 හි ඇති විශේෂම ලක්ෂණය වන්නේ එහි ඇති සැහැල්ලු හා සිහින් නිමාවයි (1.95නට, 1.8පප සිහින්). මෙය පරිගණක ක්‍රීඩාවලට කැමති අය සහ නිර්මාණකරුවන් සඳහා විශේෂිත ලැප්ටොප් පරිගණකයක් වන අතර, පහසුවෙන් ගෙන යාමේ හැකියාව සහ කාර්යක්ෂමතාව මෙන්ම අඟල් FHD+ 144Hz Display එකක්, NVIDIA® GeForce RTX™ GPU 5050 දක්වා සහ dual-fan cooling system එකක් ද මීට ඇතුළත් වේ. එහි මෘදු matte කළු නිමාව සහ ආලෝක රටා සහිත turbo blue යතුරුපුවරුව පරිගණක ක්‍රීඩාවන්ට උනන්දු අයට හා නිර්මාණකරුවන්ට හොඳින්ම ගැළපෙන, වඩාත් සිත්ගන්නා අයුරින් නිර්මාණය වී ඇත.
“ASUS Gaming V16 හඳුන්වාදීම තුළින් ASUS සමඟ අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කිරීමට අවස්ථාව ලැබීම ගැන Singer Sri Lanka හැටියට අපි ඉතාමත් ආඩම්බර වෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ අපි ජාත්‍යන්තර මට්ටමේ තාක්‍ෂණය ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට සමීප කරන්නට කටයුතු කරමින් සිටිනවා. මෙම හඳුන්වා දීම, ඒ උත්සාහයේම තවත් එක් පියවරක්. ASUS Gaming V16 සිසුන්ට සහ තරුණ වෘත්තිකයන්‌ගේ වැඩකටයුතුවලට වඩාත් ගැළපෙන අයුරින්, සිහින් හා මෘදු නිමාවකින් නිර්මාණය වී තිබෙනවා. ඨ්පසබට සහ නිර්මාණ කටයුතුවල නියැළෙන පිරිසගේ මූලික අපේක්ෂාව වන ඉහළ කාර්යක්ෂමතාවකින් මෙය සමන්විතයි. දිවයින පුරා විහිදුණු ශාඛා සහ අලෙවියෙන් පසු සේවා ජාලයේ සහය ද ලබමින් ASUS සමඟ එක්ව මෙම මාදිලිය ශ්‍රී ලංකාවේ පහසුවෙන්ම මිලදී ගත හැකි උපාංගයක් බවට පත් කරන්නට හැකි වනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙන් ීසබටැර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා පැවසීය.
Saru FM Media