Romantic Date එකකට අඳින්න හොඳම විදිහ

0
9


Date එකක් කියන්නෙ ඉතින් කොහොමත් Romantic දෙයක්නේ. ඉතින් ඔහොම Romantic Date අපිට නිතරම් එන්නෙ නැති නිසා එහෙම දවසක් කියන්නෙම හරිම විශේෂ දෙයක්නෙ. ඉතින් හවස නම් ඕක තියෙන්නෙ අපි උදේ ඉඳල කරන්නෙ ලෑස්ති වෙන එක.

මොනවද අඳින්නෙ, මේකප් දානවද, මොනපාට ලිප්ස්ටික් ද ගාන්නෙ කියල ප්‍රශ්නෙ කෝටියක් ඉතින් අපෙ හිත්වල එදාට වැඩ කරනවනෙ.

අන්න ඔය ප්‍රශ්න විසඳන්න තමයි අපි අද ඔයාල එක්ක මේ ලිපිය බෙදාගන්න හිතුවෙ.

ඇත්තටම  Romantic Date එකකට යද්දි අපි මොනවද අඳින්න ඕන?

Romantic Dates වලත් එක එක විදියෙ ඒව තියෙනවනෙ. ඉතින් මේ Low key meet up එකක් කියන්නෙත් ඒ වගේ එකක්. ඒ කිව්වෙ ඔය මහ ලොකු තැනකට නොයා පොඩි කැෆේ එකක වගේ හම්බුවෙන Date එකකට ඉතින් අපි Party Frock එකක් ඇඳන් ගිහින් හරියන්නෙ නෑනෙ. ඉතින් ඒකට ඔයාට පුලුවන් ඔයාට පහසු නම් ලස්සන ඩෙනිම් එකකට ක්‍රොප් ටොප් එකක් එහෙම නැත්තම් ලස්සන සිම්ප්ල කැශුවල් ෆ්‍රොක් එකක් හරි ස්කර්ට් එකක් හරි අඳින්න.

වැඩිය උස සපත්තු ඒව මේව නොදා සරල පාවහන් පලඳින්න වගේම ලිප්ස්ටික් ටිකක් එක්ක පොඩි මේක් අප් එකක් විතරක් දාගෙන යන්න. මේක් අප් එකක් නම් නොදා ගියත් අවුලක් නෑ.

Dinner and Drinks කියන්නෙ තව වර්ගෙක Romantic Date එකක්. මේකට නම් අර කලින් කිව්ව වගේ ඩෙනිම් එහෙම ඇඳගෙන ගිහින් හරියන්නෙ නෑ. ඊට වඩා ටිකක් ලස්සනට සරුවට ඇඳ පැලඳල යන්න ඕන එකක් තමයි මේක.

ඔයාට පුලුවන් ඒකට රෑකට ගැලපෙන විදියෙ ලස්සන ඒත් සරල ඇඳුමක් අඳින්න. මේ පහල අපි පෙන්නල තියෙන්නෙ අන්න ඒකට උදාහරණයක්. මේ වගේම ඇඳුමක් ගන්න ඔයා අලුතෙන් සල්ලි වියදම් කරන්න එපා. රාත්‍රීයකට ගැලපෙන ලස්සන සරල ඇඳුමකින් සැරසිලා ගියා නම් හරි. ඔන්න මෙතනදි නම් පොඩි eye make up එකක් වගේ දැම්ම නම් වඩාත් ලස්සනයි

අපි ඉතින් Dates කියල හොටෙල්ස්, රෙස්ටුරන්ට්ස් වලටම යන්නෙ නෑනෙ. එලියෙ ඇවිදින්න වගේ යන්න උනත් පුලුවන්නේ. ඉතින් ඒ වගෙ දේකට යද්දි දන්නවනෙ ඇවිදින්න තියෙනම් ඔය ඇවිදින්න අමාරු ඒව හෙම ඇඳගෙන යන්න එපා.

අඩි උස ඒව දාන් යන්නත් එපා.දවාලක නම් යන්නෙ මේක් අප් තලි තලි ගාගෙන අව්වෙ ගිහින් අන්තිමේ වස කැත වෙයි. ඒ නිසා ඉතාම සරල ඒත් ඔයාගෙ ලස්සන කැපිල පේන ඇඳුමකින් සැරසෙන්න

අව්වෙ යනවනම් ඔයාගෙ ලස්සන කැපිල පේන්න සන්ග්ලාසස් දාන්න වගේම කොන්ඩෙ ලස්සන low bun එකක් වගේ දාන්නත් පුලුවන්

එහෙමත් නැත්තම් සරල ගවුමකින් සර අඩිය නැති සෙරෙප්පු දෙකකින් වගේ සැරසිල පුංචි කරාබු දෙකක් වගේ දාලාත් ලස්සනට පෙනුමට ඉන්න ඔයාට පුලුවන්

සමහර Dates එන්නෙ අන්තිම මොහොතෙනෙ.ඉතින් ඒ වගේ වෙලාවල තියෙන එකකින් පිරිමහ ගන්නව ඇරෙන්න ගිහිල්ල අලුතෙන් ඇඳුමක් ගන්න වෙලාවකුත් නෑ.

ඔන්න එහෙම වෙලාවක හරිම පහසුවෙන් ඔයාගෙ ඇඟේ ලස්සන පෙන්නන්න ඔයාට පුලුවන් මේ විදියට.

මේ පින්තූරෙ පෙන්නල තියෙන විදියෙ සුදු පෑන්ට් එකක් ඔයා ලඟ තියෙනවනම් ඒකට ලස්සන තනි පාට ටී ශර්ට් එකක් මැච් කරන්න. තනි පාට ටී ශර්ට් ඉතින් ඕනම කෙනෙක් ලඟ තියෙනවනෙ නේද?

ටී ශර්ට් එකට මැච් වෙන පොඩි හීල් එකකින් වගේ හරි නැත්තම් Flats උනත් කමක් නෑ. මේකට මාරම ක්ලාසි ලුක්  එකක් ගෙන්න ගන්න ඔයාට පුලුවන් ලස්සන Hoop Earrings දෙකකින් සහ සරල චේන් එකකින්. මැච් වෙන ඔරලෝසුවක් එක්ක පොඩි හෑන්ඩ් බෑග් එකක් දාගත්ත නම් ආයෙ නෑ පුදුම ලස්සන, සරල ඒත් Classy look එකක් නිකන්ම ලැබෙනවා.

මේ වගේ සරල Dates ම නෙවෙයිනෙ නිතරම එන්නෙ. තරු පහේ හෝටලේක රෑ කෑමකට හරි ඊටත් වඩා Fancy event එකකට Date එකක් විදියට යන්න උනොත් නම් ඩෙනිම් කෑලි ගහන් යන්න බෑනෙ.ඉතින්  ඒ වගේ එකකට යද්දි සාරි පටලන් යන්නත් බෑ.

අන්න එහෙම තැනකදි තමයි මේ Fancy Dresses කරලියට එන්නෙ. මේ පින්තූරෙ පෙන්නල තියෙන විදියෙ ඇඳුමක් – රෑ තියෙන event එකක් නම් කලු පාට Ideal – තමයි සෙට් වෙන්නෙ.

ඒකට ලස්සන Heels වගේම මැච් වෙන මේක් අප් සහ හෑන්ඩ් බෑග් එකක් අනිවාර්‍යෙන්ම අරගෙන යන්න අමතක කරන්න එපා. ඒවගේම කෑවට බීවට පස්සෙ ලුක් එක ආයෙ වතාවක් refresh කරගන්න, ඔයාගෙ මේක් අප් බඩු ටිකක් පර්ස් එකේ දාගෙන යන්න අමතක කරන්නත් එපා.

හවසක, මුහුදු වෙරලක වගේ තියෙන Date එකකට මොන වගෙ එකක්ද අඳින්න හොඳ? හරිම සනිප හවස් වරුවක තියෙන Date එකකට ඇඳගෙන යන්න ඕන ඒ වගේම සරල ඇඳුමක්.

එහෙම Date එකකට යද්දි තද පාට ඇඳුම් ඇදගෙන යන්න එපා. ලා පාට, ඇහැට ප්‍රිය හැන්දෑව වගේ සනීප ලස්සන ඇඳුමක් අඳින්න. මේ පින්තූරෙ පෙන්නල තියෙනව වගේ ලස්සන සිනිදු සායකට, ඒකට මැච් වෙන ටොප් එකක් සහ සරල සෙරෙප්පු දෙකක් හරි ලස්සනයි.

වැඩිය ලොකු නැති කරේ දාන හෑන්ඩ් බෑග් එකකට, පුංචි කරාබු දෙකක් සහ ලා පාට ලිප්ස්ටික් එකක් ආව නම් Perfect

“මේ මාත් එක්ක Drink එකකට එලියට යන්ද?” කියල වගේ එන Date එකක් ගොඩක්ම එන්නෙ ටිකක් Matured  කෙනෙක්ටනෙ. ඉතින් අන්න එහෙම වෙලාවක තමන්ගෙ තියෙන ලස්සන සහ Classy Look එක පෙන්නන්න පුලුවන් ලස්සන ඇඳුමක් තමයි මම මේ පහල අමුණල තියෙන්නෙ.

ඒ වගේ අර Vintage looking  Jumpsuit එකකට, Rattan Bag එකක් එක්ක ලස්සන Gold Jewelery Match උනානම් ඔයා නිකම් දීපිකා පදුකෝන් වගේ ඉඳීවි



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here