RMV කොමසාරිස් යළිත් රිමාන්ඩ්

0
2

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා, යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (30) ඔහුව කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහුව අප්‍රේල් 10දා දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විමර්ශනයක් මේ වන විට  ආරම්භ කර ඇති අතර, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.

එහිදී අනාවරණ වී ඇත්තේ නීති විරෝධීව එකලස් කිරීම සඳහා කැබ් රථයක ලියාපදිංචි චැසි අංකය වෙනස් කිරීමට අදාළ ලේඛන ඉදිරිපත් කර ”බර සහතික” ලබාගෙන ඇති බවය.

අනතුරුව එම ලේඛන මගින් අදාළ කැබ් රථයට E කාණ්ඩයේ අංකයක් ලබාගැනීම සහ චැසි සංශෝධනයට ඉදිරිපත් කර තිබූ චැසි සංශෝධන ගොණුව නීති විරෝධී ලෙස සඟවා තබා අසත්‍ය ප්‍රකාශ ලබා දෙමින් අදාළ රථය ව්‍යාජ ලෙස එකලස් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ආධාර අනුබලදී ඇති බවට චෝදනා එල්ල වේ.

ඒ අනුව සැකකරු පසුගිය 27දා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here