අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ලබන 10 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි පිලැස්ස මහේස්ත්‍රාත් අධිකණය අද (30) නියෝග කර තිබේ.
ඒ ඔහු අද පිලැස්ස මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවය.
වාහනයක චැසි අංක සංශෝධනය කර කැබ් රථයක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීමට අනුබල දීම, වාහනයක දත්ත ව්‍යාජ ලෙස සකස් කිරීම සහ අදාල ලිපිගොනු සැඟවීම ඇතුළු චෝදනා ඔහුට මේ වනවිට එල්ල වී තිබේ.
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 27 වැනිදා අත්අඩංගුවට ගෙන 28 වැනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඉන් පසු ඔහ මෙලෙස අද දින ලබන 10 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
4
Saru News
















