QR කේතයේ ගැටලු ඉදිරිපත් කිරීමට WhatsApp අංකයක්

0
5

ඉන්ධන කෝටාව නිකුත් කරන QR කේතය ලබා ගැනීමේ ගැටලු ඇති වූ පුද්ගලයින්ට සිය ගැටලු ඉදිරිපත් කිරිමට නව WhatsApp දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

076 000 1919 යන WhatsApp අංකයට එම පැමිණිල්ල කළ හැකියි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ වාහනයේ අංකය , ඒ සඳහා පැහැදිලිව සටහන් කර යොමු කර යුතුයි.

ඊට අමතරව ජාතික හැදුනුම්පත , රියදුරු බලපත්‍රය හෝ  ගුවන් ගමන් බලපත්‍රයේ පැහැදිලි ඡායාරූපයක් එවිය යුතු බව සුමුදු රත්නායක ප්‍රකාශ කළේ ය.

වාහන ආදායම් බලපත්‍රයේ ඡායාරූපයක් සහ ලියාපදිංචියේ සහතිකයේ ඡායාරූපයද අදාළ WhatsApp අංකයට එවිය යුතු ය.

ඒ සඳහා තවත් වට්ස්ඇප් අංක කිහිපයක් අද දිනයේ හඳුන්වා දෙන බව සුමුදු රත්නායක ප්‍රකාශ කළේ ය.

https://gic.gov.lk/complain-registration.html

මේ හරහා ඔබට නව WhatsApp අංකයක වෙත යොමු විය හැක 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here