රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ ඉන්ධන ලබාගැනීම සඳහා භාවිත කරන QR පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය කිරීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අද දින කැබිනට් තීරණ දැනුම්දීමේ පවෘත්ති සාකච්ජාවේදී කරුණු පැහැදිලි කළේය.
ඒ අනුව, පැරණි ලියාපදිංචි අංක සහිත වාහන සඳහා පෙර පැවති කේතයන්ම බාධාවකින් තොරව භාවිත කළ හැකි අතර, නව වාහන හිමියන් මුහුණ දුන් තාක්ෂණික ගැටලු මේ වනවිට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව පැවසීය..
වාහනයක අයිතිය වෙනස් වීමේදී පැනනගින ගැටලු නිරාකරණය කිරීමට දැනට පියවර ගනිමින් පවතින බවත්, ඉතා ඉහළ වේගයකින් පද්ධතියට නව ලියාපදිංචි කිරීම් එක්වන බවත් ඔහු අවධාරණය කරයි.
සමස්තයක් ලෙස මෙම ක්‍රියාවලිය ඉතා සාර්ථකව සහ කඩිනමින් යාවත්කාලීන වෙමින් පවතින බව කියා සිටියේය.


The post QR පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය කිරීමේ වත්මන් ප්‍රගතිය.. appeared first on LNW Sinhala.
Saru News
















