QR ගැටලු සියල්ල සකසලා තියෙන්නේ. ආයෙත් පෝලිම්වල ඉන්න ඕනෙ නෑ – තෙල් සභාපති

0
3

QR කේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී උද්ගතවූ තාක්ෂණික ගැටලු සියල්ල මේ වනවිට සකස් කර ඇති බැවින් මින් ඉදිරියට QR කේත ක්‍රමය යටතේ පමණක් ඉන්ධන නිකුත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා පවසයි.

“අපේ ඇනවුම් ඒ විදියටම ලැබෙමින් පවතිනවා. ඒ නිසා ලබන මාසේ අවසන් වෙනකම් ඒ පිළිබඳ ගැටළුවක් නෑ.” QR කේත ක්‍රමය අද සිට ක්‍රියාත්මක වෙනවා ගැටලුවක් තියෙන්න ඇති ජනතාවට. ඒ නිසා පෝලිම්වල ඉදලා ඉන්ධන ලබා ගත්තා. නමුත් දැන් ඉදලා පෝලිම්වල ඉදලා තෙල් ගහගන්න ඕනේ වෙන්නේ නෑ. මොකද සාමාන්‍ය ලෙස තෙල් පරිභෝජනය කරන අයගේ මේ වන විට තෙල් ප්‍රමාණය නිෂ්චිත කරලා ෂෙඩ්වල ඉතුරු කරලා තියෙනවා. මොකද සතියකට අවශ්‍ය තෙල් කෝටාව තීන්දු කරලා තියෙනවා ඒ තෙල් ප්‍රමාණය ඕනෑම මොහොතක ගහගන්න පුළුවන්. ආපහු පෝලිම්වල ඉදලා ගහගන්න ඕනේ නෑ”

“අද උදේ ෂෙඩ්වල සහ වෙබ් අඩවිවල යම් තාක්ෂණික ගැටලු ටිකක් මතු වෙලා තිබුණා. මේ වන විට ඒ සියල්ල සකසලා තියෙන්නේ. රටේ තියෙන සියලුම පිරවුම්හල්වලට QR කේත ක්‍රමය යටතේ ස්කෑන් කරලා තෙල් දෙන්න පුළුවන්. ඒ නිසා රටේ කිසිදු කෙනෙකුට QR ක්‍රමයෙන් පිට තෙල් ගසා ගැනීමට අවශ්‍යතාවක් නෑ. පෝලිම්වල ඉන්න ඕනේ නෑ. ඒ සඳහා පොලීසිය මැදිහත් වෙවී. අනවශ්‍ය ලෙස පෝලිම්වල ඉදලා තෙල් ලබාගන්න අයට මින් ඉදිරියට ඒක ලැබෙන්නේ නෑ”

“එමෙන්ම පිරුවුම්හල්වල අයටත්, QR එකෙන් කොච්චර ගිහින්ද, අපි ලබා දුන්න තොගය කෙච්චරක්ද ඒ දෙක අතර යම් වෙනසක් තියෙනවා නම් ඒකට දැඩි ක්‍රියා මාර්ග ගන්නවා. ඉස්සර වගේ නෙමෙයි බලපත්‍රය අහෝසි වෙන්න පුළුවන්”

“මගී ප්‍රවාහන බස් රට වලටත් CTBඑක හරහා දෙන්වා කලින් දුන්නා වගේ. කෙටි කාලයක් අතුළත ඒ අයට ගමන් මාර්ගය අනුව කොච්චර තෙල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ද දවසකට කොච්චර දුවනවාද කියලා. ඒ අනුව ආය QR කේතය වෙනස් කරලා ලබා දෙනවා. ධීවර සහ ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධනද නිසි ආකාරව ලබාදීමට කටයුතු කරනවා”

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

The post QR ගැටලු සියල්ල සකසලා තියෙන්නේ. ආයෙත් පෝලිම්වල ඉන්න ඕනෙ නෑ – තෙල් සභාපති appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here