QR ගැටලු විසඳාගැනීමට නව ක්ෂණික ඇමතුම් අංකයක්

0
6

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය සම්බන්ධ ගැටලු විසඳාගැනීමට නව ක්ෂණික සහාය සේවාවක් ආරම්භ කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

පාරිභෝගිකයින් ලියාපදිංචි වීමේදී හෝ පද්ධතිය භාවිතා කිරීමේදී මුහුණ දෙන තාක්ෂණික ගැටලු සහ බාධාවන් කඩිනමින් විසඳා දීම මෙහි අරමුණ බව සඳහන්ය.

ඒ අනුව, වාහන ලියාපදිංචි කිරීමේදී ඇතිවන ඕනෑම ගැටලුවක් සඳහා සහාය ලබා ගැනීමට 076 019 1919 යන අංකයට WhatsApp ඔස්සේ පණිවිඩයක් යොමු කළ හැකි බව සඳහන් වේ.

මෙම සේවාව හරහා පද්ධතිය භාවිතය පිළිබඳ මඟපෙන්වීම් සහ තාක්ෂණික සහාය ලබා දෙන අතර, වංචනික ක්‍රියාකාරකම් හෝ පද්ධතිය අවභාවිත කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරුද දැනුම් දීමට හැකි වේ.

එමෙන්ම, ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට රජය විසින් අනුමත කළ නිල වෙබ් අඩවිය https://fuelpass.gov.lk/ පමණක් භාවිත කරන ලෙසද ජනතාවට දැනුම් දී ඇත

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here