ඉන්ධන කළමනාකරණය කර ගැනීම සඳහා හඳුන්වා දුන් QR ක්‍රමය අභාවිත කළ දුරකථන අංක ඔස්සේ පරීක්ෂණ පවත්වා 153 දෙනෙකු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලෝක යුද්ධය හමුවේ මෙවැනි ජනතා ද්‍රෝහී ක්‍රියාකාරකම්වල යෙදෙන්නන් හට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කර බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.
ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් QR ක්‍රමය හඳුන්වා දුන් 14 වනදා සිට 22 දා උදෑසන දක්වා පනස්නව ලක්ෂ අනූපන්දහස් තුන්සිය හැට පහක් (5,995,365) වූ නව QR සම්බන්ධතා ලියාපදිංචි කර ඇති බව ඔහු හෙළි කළේය. මේ අතරින් මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් නවතම ලියාපදිංචි කිරීම් බවද පැවසීය.
1
Saru News
















