QR නැතුව ගොවීන්ට ඉන්ධන ලබාදීම ඇරඹේ

0
5

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් බලශක්ති අමාත්‍යාංශයට ලබාදුන් නම් ලැයිස්තුවට අනුව ගොවීන්ට අද (19) සිට ඉන්ධන නිකුත් කිරීමට ආරම්භ කර තිබේ.

දෙරණ BIG FOCUS වැඩසටහන සමඟ එක්වෙමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ (සේවා) කොමසාරිස්, සුමිත් චන්දන මහතා මේ බව පැවසීය.

ඒ අනුව බලශක්ති අමාත්‍යාංශයට ලැබී ඇති ලැයිස්තු සියල්ල මේ වනවිට ඉන්ධන පිරවුම්හල් වෙත යවා ඇති බවද ඒ මහතා කියා සිටියේය.

මේ වනවිට ඉන්ධන පිරවුම්හල් අසල තදබදයක් ඇතිව තිබෙන බැවින් ගොවීන්ට ප්‍රමුඛතාවය ලබාදෙන්නැයි ඉන්ධන පිරවුම්හල්වලින් ඉල්ලා ඇතැයිද සුමිත් චන්දන මහතා පැවසීය.

මේ වනවිට මහ කන්නයේ අස්වනු නෙළීම ආරම්භ කර ඇති ගොවීන්ට සහ යල කන්නය ආරම්භ කරමින් පවතින ගොවීන්ට අර්බුදයකින් තොරව ඉන්ධන ලබාගැනීමට ඉදිරියේදී හැකිවනු ඇතැයි ද සුමිත් චන්දන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here