රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කරන්නට ඊයේ (18) රාත්‍රියේ පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ්වරුන් පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.
තරගය ආරම්භයේ දී සිට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා දෙපිළටම හිමිවූයේ පන්දුවාර 14ක් පමණයි.
ඒ අනුව RCB පන්දුවාර 14දී කඩුලු 09ක් දැවී ලකුණු 95ක් ලබා ගැනීමට සමත් වුණා.
ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 50ක් රැස් කළා.
රජට් පටිඩර් ලකුණු 23යි.
කඩුලු බිඳ දැමීමේ දී හර්ප්‍රීට් බ්‍රාර්, මාර්කො ජැන්සන්, අර්ෂඩීප් සින්ග් සහ චහල් කඩුලු දෙක බැගින් සහ සර්වියර් බාට්ලට් එක් කඩුල්ලක් බිඳ දැමුවා.
ජයග්‍රහණයට ලකුණු 96ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ්වරුන් කඩුලු 05ක් දැවී ලකුණු 98ක් ලබා තරගය ජයගත්තා.
නෙහාල් වඩේරා නොදැවුණු ලකුණු 33ක් ලබා ගත්තා.
ජෝෂ් හේසල්වුඩ් කඩුලු තුනක් සහ භුවනේෂර් කුමාර් කඩුලු දෙකක් බිඳ දැමුවා.
මෙම ජයග්‍රහණයත් සමග පංජාබ්වරුන් ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ දෙවැනි තැනට ඒමට සමත් වුණා.
Saru FM Media