One pot meal – Curd rice

0
11


පහසුවෙන් ආහාරයක් පිස ගැනීමේ දී onepot meal සංකල්පය ඉතාම වැදගත්. මේ රෙසිපියත් ඒ ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • හාල් කප් 1
  • මීකිරි කප් 1
  • කුඩාවට කපාගත් පිපිඤ්ඤා
  • කුඩාවට කපාගත් කැරට්
  • ඇට ඉවත් කර කුඩාවට කපාගත් තක්කාලි
  • කුඩාවට කපාගත් මාළු මිරිස්
  • තෙල්
  • අබ ඇට තේ හැඳි 1/4
  • තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
  • චොප් කරගත් අමු මිරිස් කරලක්

හාල් සෝදා භාජනයක දමා සාමාන්‍ය පරිදි උයාගන්න.

බත ඉදුනු පසු නිවෙන්නට හැර එයට මී කිරි එක් කර හැන්දකින් පොඩි කරමින් හොඳින් මිශ්‍ර කරන්න.

රස අනුව ලුණු සහ එලවළු සියල්ලම එක් කරගන්න.

පොඩි කරගත් බත්  බඳුනෙන් ඉවත් කර එයටම තෙල් ස්වල්පයක් දමා රත් වෙන විට අබ එක් කර අබ පුපුරන විට ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එකතු කර මදක් තෙම්පරාදු කරගන්න.

එයට සාදාගත් බත් එක් කර මිශ්‍ර කරගන්න.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here