One pot meal – මස් සහ බිත්තර යෙදූ නූඩ්ලස් සුප්

0
14


One pot meal සංකල්පයෙන් අපි ඔබට විවිධ රෙසිපි ගෙනත් තිබෙනවා. වළං කිහිපයක් භාවිතා නොකර ඉක්මනින් පහසුවෙන් උයා ගන්න මේ රෙසිපි කදිමයි.
කලබල දවසකට හොඳ සමබල ආහාරයක් තමයි මේ.

අවශ්‍ය දේවල්.

  • තම්බා ගත් අල ගෙඩි 2
  • තම්බාගත් චිකන් 100g
  • තම්බා ගත් බිත්තර 2
  • නුඩ්ල්ස් (පොඩි) පැකට් 1
  • ලුණු ස්වල්පයක්
  • ඉඟුරු,
  • කහ, ගම්මිරිස්,
  • අමුමිරිස් කරල්
  • සුදු ළූණු සහ ළූණු
  • කිරි කෝප්ප 1

සාදා ගන්නා ආකාරය:

  • මුලින්ම චිකන්, අල, ලුනු ටිකක් හා කහ ටිකක් දමා තම්බා ගන්න.
  •  චිකන් ස්ටොක් එක එයට එකතු කරන්න එපා.
  • නුඩ්ල්ස් හා බිත්තර තමිබා ගන්න.
  • පසුව භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා ඉඟුරු, ළූණු සුදු ළූණු සහ අමු මිරිස්  බැද ගන්න.
  • එයට කුඩාවට කපා ගත් (තම්බා ගත්) චිකන් දමන්න. කහ, ගම්මිරිස් ටිකක් එකතු කරන්න.
  • පසුව එයට තම්බා ගත් අල හොඳින් පොඩි කර එකතු කරන්න.
  • එයට චිකන් ස්ටොක් එක ද දමා ගන්න.
  • දැන් එයට නුඩ්ල්ස් (තම්බා ගත් වතුර සමග) එකතු කර, තම්බා ගත් බිත්තර ද කුඩා කෑලිවලට කපා ගෙන එකතු කරන්න.
  • අවසානයට කිරි කෝප්පය දමා, රස අනුව ලුණු  දමා ලිපෙන් බාගන්න.
-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here