Office එකේ Boss ට ආදරේ හිතුණොත් මොකද කරන්නෙ?

0
22


ඔයාලා කවදහරි Office එකේ ඉන්න Boss කෙනෙක්ට ආදරේ කරලා තියෙනවද? එහෙම නැත්තම් මේ දවස්වල ඔයා ඉන්නෙ එහෙම Boss කෙනෙක්ට ආදරේ කරන ගමන්ද? මේක කියවද්දි “අපෝ ඒ වගේ ඒව වෙන්නෙ කොරියන් කතාවලනෙ” කියල හිතුවට ඇත්තටමත් එහෙම වෙනවා.

මොකද මට එහෙම වුණා. හරි ඒකෙන් වැඩක් නෑ අද මම ඔයාලා එක්ක කතාකරන්න හිතුවෙ ඇත්තටම ඔෆිස් එකේ ඉන්න බොස්ට ආදරේ හිතුණොත් අපි මොකද කරන්න ඕන කියන එක ගැන.

ඔෆිස් එක කියන්නෙ වැඩ කරන තැනක්. ඒත් වැඩ කරන තැනකදී උනත එකිනෙකා එක්ක attach වෙන එක නම් අසාමාන්‍ය දෙයක් නෙමෙයි. එතනදී කාලය ගත කරන අතරවාරෙ, සමහරවිට කවුරුහරි ඉතාම ආකර්ෂණීය විදියට හැසිරුනොත්, හිතනවාට වඩා emotions develop වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ crush එක Boss උනොත්, අන්න ඒක නම් පොඩ්ඩක් serious ගන්න ඕන කියන එක අමතක කරන්න එපා.

Boss කෙනෙකුට ආදරේ උනොත්, ඔයා හිතන්න ඕනේ මේක ගොඩක් careful වෙන්න ඕනේ situation එකක්ද, නැත්තම් හරිම naturally handle කරන්න පුළුවන් එකක්ද කියලා. මොකද කාට වුණත් ආදරේ හිතෙන එකේ, specially office environment එකක් ඇතුලෙදි එහෙම වෙන එකේ situations දෙකක් තියෙන්න පුළුවන් නිසා

ඇත්තටම මේ ආදරේද, නැත්තම් crush එකක්ද?

කෙනෙක්ට ආදරේ වෙන එක සිද්දවෙන්නෙ, එයාගේ personality, behavior, kindness, looks සහ එයාගෙන් ලබන attention එක නිසා වෙන්න පුළුවන්. ඔයාට ආදරයක් හිතිලා තියෙන්නෙ ඔයාගෙ Boss ටනම්, එයාගෙන් admiration හෝ attraction එකක් naturally develop වෙන්න පුළුවන්. එත්, ඒක long-term දෙයක්ද, නැත්තම් එක මොහොතකදි දැනෙන තියෙන emotional rush එකක්ද කියලා හොඳටම හිතලා බලන්න.

ඔයාට boss එක්ක real conversations තියෙනවද?

එයා ඔයාගෙන් beyond office  attach වෙලාද?

එයාටත් ඔයාට වගේම හිතෙනවද?

ඔයා power dynamic එක නිසාම මේක හිතනවද?

මෙන්න මෙ වගේ ප්‍රශ්න වලට උත්තර හොඳට evaluate කරලා තමයි final decision එකක් ගන්න වෙන්නෙ.

එයාගෙ අදහසත් හොඳට හොයලා බලන්න

Boss කෙනෙකුට දැනුනු ආදරේ හෝ attraction එකේ වෙනස්ම dynamic එකක් තියනවා. එයත් ඔයා ගැන එකම විදිහට හිතනවද? නැත්තම් එයා නිකන් friendly විදියට තමයි behave කරන්නේ? නැත්තම් එයා flirting කරනවද? එයාටත් real interest එකක් තියෙනවද කියලා හොඳටම check කරන්න.

එයාගේ හැසිරීම මෙන්න මෙහෙමද?

ඔයාට විශේෂ අවධානයක් දෙනවද?

අනිත් අය ට වඩා ඔයාට වැඩි support දෙනවද?

Casual flirting කරනවා (ඔයාට විතරද?)

ඔයාගේ personal life ගැන දැනගන්න try කරනවාද?

මේවා තියෙනවනම්, එයත් ඔයා ගැන interest වෙන්න පුළුවන්. ඒත් එයා අනිත් අයටත් එකම විදිහට behave කරනවනම්, මේක ඔයාගේම imagination එකක් වෙන්න පුළුවන්.

Office Romance එකකට Company එකේ policy මොකක්ද?

මතක තියාගන්න, ගොඩක් offices වලදී Boss-Employee Relationship එකක් හොඳ විදිහට බලන්නෙ නෑ.ඒ නිසා ඔක්කොටම කලින් ඒක ගැන දැනගෙන ඉන්න.

මොනවහරි conflict එකක් උනොත්, ඔයාගේ career එක නැතිවෙන්න ඉඩක් තියෙනවද?

අනික ඔයාගේ co-workersලා මේ ගැන කොහොමද හිතන්නේ?

ඔෆිස් එකේ drama එකක් වෙන්න පුළුවන්ද?

ඔයා මේ ගැන හොඳටම හිතලා බලන්න. “මේක office එකේ long-term consequences ඇති කරන්න පුළුවන් දෙයක්ද?” කියලා හිතලා බලන්න.

හොඳද? නරකද?

ඔයාට career එකේ growth එකක් තියනවද?

ගොඩක් වෙලාවට Boss එක්ක serious relationship එකක් පටන් ගත්තොත්, ඔයාගේ workplace reputation එකට ඒක බලපාන්න පුලුවන්. Team එකේ අය ඔයාට වෙනස් විදිහට සලකන්න පුළුවන්.

 Relationship එක Positive වෙන්න පුළුවන් නම්:

Boss-Employee dynamic එක clear කරලා, ethical විදිහට maintain කරන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here