Office එකේදි එන නිදිමත වළක්වාගන්න Tips

0
10


මුකුත් වැඩක් නොකර ගෙදර ඉන්න දවසක නම් දවල්ට කාලා පොඩ්ඩක් නින්දක් දැම්මට අවුලක් නෑ.

ඒ උනාට ඕක අවුලක් වෙන්නෙ ඔෆිස් එකේ වැඩ කෝටියක් අස්සෙ නිදිමත ආවමනෙ. 

සමහර වෙලාවට ඉතින් අර මිස්ට බීන් වගේ ඇස් දෙකේ කෝටු කෑලි දෙකක් හයි කරගෙන ඉන්න වෙන තරමට අපිට ඔෆිස් එකේදි නිදිමත එනවා. 

වෙන රටවල නම් අර එහෙම පොඩි නැප් එකක් දාන්න පුලුවන් විදියට වැඩ කටයුතු ලෑස්ති කරල තිබුණත් ලංකාවෙ ඉතින් එහෙම සිස්ටම් එකක් නෑනෙ. 

ඒ නිසා ඔෆිස් එකේ වැඩක් තිබ්බත් නැතත් අපිට නිදාගන්න විදියක් නෑ.

ඉතින් අපි බලමු මේ ඔෆිස් එකේදි එන නිදිමතට අපි මොකද කරන්නෙ කියල 

 ඔෆිස් එකේදි එන නිදිමත මග ඇරගන්න ඔන්න කැෆේන් කියන්නෙ හොඳ බෙහෙතක් කියල තමයි කියන්නෙ. 

මොකද කැෆේන් වලට පුලුවන් ඔයාගෙ මොලයේ සහ ස්නායු පද්දතියේ ක්‍රියාකාරීත්වය තවත් වේගවත් කරල ඒ ඔස්සේ ඔයාට එම නිදිමත අවම කරන්න. 

ඒ වගේම මේකෙන් ඔයාගෙ සිතීමේ හැකියාව ඉස්මතු කරවන බවත් කියනවා. 

ඉතින් ඔයාලගෙ ඔෆිස් එකේ කෝපි දෙනවනම් තේ වෙලාවට ඔයාට කෝපි එකක් බීලා නිදිමත මග ඇරගන්න පුලුවන්. 

එහෙම නැත්තම් ඔයාට කෝපි ටිකක් අරගෙන ගිහින් හදාගන්න එක මහ දෙයක් නෙවිනෙ. හැබැයි ඉතින් ඕනවට වඩා කෝපි බොන එකෙත් අතුරු ඵල තියන බවත් මතකයේ තියාගන්න 

සමහර වෙලාවට ඔෆිස් එකේදි දවල්ට එන ඔය නිදිමතට Power nap එකක් ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැතිවෙන්නම පුලුවන්. 

ඉතින් මොන දේ කරත් ඔයාගෙ ඇස් දෙක පියවෙන්නම හදනවනම් ලන්ච් බ්‍රේක් එකේදි වගේ පොඩි Power nap එකක් ගන්න. ඔෆිස් එකේ ඔයාගෙ මේසෙ වෙනම තියෙනම් ඉතින් ඒකෙම ඔලුව පොඩ්ඩක් ගහගෙන නිදාගන්න පුලුවන්. එහෙම නැත්‍තම් ඔයාට පුලුවන් කාරෙකේ සීට් එක ටිකක් පහත් කරල පොඩි Nap එකක් දාන්න 

හැබැයි ඉතින් පැය ගණන් නිදියන්න නම් හිතන්න එපා පුතේ. උපරිම විනාඩි 20-30 වගේ තමයි මේ කියන්නෙ. කෝකටත් එලාම් එකක් සෙට් කරල නිදාගන්න හොඳේ! 

ඔයාට සමහරවිට තියෙන්නෙ මුලු දවසෙම වාඩිවෙලා කරන රස්සාවක් වෙන්න පුලුවන්. 

එතකොටත් ඉතින් නිදිමත එන එක අමුතු දෙයක් නෙදෙයි.

ඒ නිසා ඒ වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ තමයි සීට් එකෙන් පොඩ්ඩක් නැගිටල එහෙට මෙහෙට යන්න. වතුර ටිකක් බොන්න. පොඩ්ඩක් ඇඟ වෙහෙසන්න 

 Upbeat Music එකකට පුලුවන් ඔයාගෙ නිදිමත නැති කරල දාන්න.

ඉතින් නිදිමත වීගෙන එද්දි මේ වගේ Upbeat Music එකකට සවන් දෙන එකත් නිදිමත නැති කරගන්න හොඳ ක්‍රමයක් කියල තමයි කියන්නෙ.

මේක ඉතින් ඔෆිස් එකේ හැමෝටම කරදර වෙන විදියට දාන්න ඕන නෑ. 

වැඩ කරන ගමන්ම ඔයාගෙ හෙඩ් ෆෝන් දෙකෙන් සිංදුවක් අහන්න. වැඩෙත් වෙනව නිදිමතත් නැති වෙනවා 

දවල්ට ගොඩක් කෑවමනෙ ඔය නිදිමත එනව කියන්නෙ. ඉතින් දවල්ට Light Lunch එකක් ගන්න එකත් නිදිමත නැති කරගන්න හොඳ ක්‍රමයක්. 

මේ කියන්නෙ අඩුවෙන් කන්න නෙවෙයි. වැඩිය බර නැති සැහැල්ලු දෙයක් කන්න කියන එක 

කාබොහයිඩ්‍රේට්, සීනි, සෝඩා වගේ දේවල් දවල්ට කන එක වළක්ව ගන්න පුලුවන් නම් නිදිමත එන එකත් අඩු කරගන්න පුලුවන් බව කියනවා 

 ඒ වෙනුවට බිත්තර, මස් මාලු, පලතුරු, ඇට වර්ග සහ එලවලු ජාති වැඩිපුර කන්න බොන්න 

ඔයාට නිදිමත එන්න ඔයාගෙ Workspace එකත් බලපානව කියල තමයි කියන්නෙ. 

ඒ කියන්නෙ Dull and Boring Workspace එකක් ඔයාට වැඩිපුර නිදිමත අරගෙන එනවා.

ඉතින් ඔයාගෙ Workspace එක ටිකක් ඔයාගෙ ඇහැට Bright විදියට පේන්න හදාගන්න පුලුවන් නම් වඩා හොඳයි. ඒ වගේම ඉර එළිය එන තැනක ඉන්න පුලුවන් නම් ඒකත් හරි ශෝක්. (මගේ ඔෆිස් ටේබල් එක තියෙන තැනට මම හරි ආසයි)

ඉර එලිය ගෙන්න ගන්න බැරි තැනක් නම් ඔයාට පුලුවන් ඒ වෙනුවට ලස්සන Light box එකක් වගේ උනත් භාවිතා කරන්න 

නිදිමත උනාම ඉතින් අපි ගොඩක් වෙලාවට කරන්නෙ මූණ හෝදගන්න එකනෙ. ඒක ඉතින් කවදත් වැඩ. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here