Nuts වල ප්‍රතිලාභ දන්නවද ?

0
11


ඇට වර්ග එහෙමත් නැත්නම් nuts කියන්නෙ අධික මේදය තිබියදී වුනත් ඉතාම වටිනා සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන එන්න පුළුවන් සරල, පහසු සහ රසවත් ආහාරයක් කියල smart lady අපේ ලිපි කියවන ඔබ දැනටමත් දන්නව. 

විවිධ ලෙඩ රෝග වලදී සහ සෞඛ්‍ය තත්ව වලදී ඇට වර්ග වල බලපෑම ගැන විවිධ ලිපි හරහා ඔබව දැනුවත් කරපු අපි අද සූදානම් වෙන්නෙ ඇට වර්ග වල ගුණ මොනවද කියල පොදුවේ කතා කරන්නයි. 

ඒ හැමදේටම කලින් ඇට වර්ග / nuts කියන්නෙ මොනවද කියල අපි බලමු. 

ඇට වර්ග / nuts කියන්නෙ මොනවද? 

ඇට වර්ග කියන්නෙ මේදය හා කැලරි බහුල දෘඩ ආහාරයට ගත නොහැකි පිටත කවචයකින් වටවූ ආහාරයක්. 

අද වෙද්දී මේ පිටත කවචය ඉවත් කරල ආහාරයට ගත හැකි කොටස පමණක් වෙන් කර සකසා ඇති ඇට වර්ග වෙළඳපොලෙන් මිලදී ගන්න ඔබට පුළුවන්. 

ඒ අතර, 

ආමන්ඩ්,

කජු,

හෙස්ල්නට්,

පයින් ගෙඩි,

පිස්ටාචියෝ සහ 

වෝල්නට්ස් වගේ ඇට වර්ග අද වෙද්දී ඉතාම ජනප්‍රියයි. 

රටකජු ඇට වර්ගයක් විදිහට සමහරු හැඳින්වුවත් පෝෂණ ගුණය සහ සමහර ලක්ෂණ නිසා රටකජු, ගෙඩි වලට වඩා සමීප බවයි පෝෂණවේදීන් පෙන්වා දෙන්නෙ. 

දැන් අපි බලමු, ඇට වර්ග වලින් අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියල? 

පෝෂ්‍ය පදාර්ථ රාශියක් කැටිවී ඇත

ඇට වර්ග කියන්නෙ පෝෂ්‍ය පදාර්ථ රාශියක් කැටිවෙලා තියෙන ආහාරයක් කියල අපි කලින් සඳහන් කලා ඔබට මතක ඇති. 

ඇට වර්ග කීපයක් කලවම් කර 28g ක ආසන්න වශයෙන්,

කැලරි – 173 

ප්‍රෝටීන් – 05 g 

මේදය – 16 g 

කාබ්ස් – 06 g 

ෆයිබර් – 03 g 

විටමින් E – දෛනික අවශ්‍යතාවයෙන් 12% 

මැග්නීසියම් – දෛනික අවශ්‍යතාවයෙන් 16% 

පොස්පරස් – දෛනික අවශ්‍යතාවයෙන් 13% 

කොපර් – දෛනික අවශ්‍යතාවයෙන් 23% 

මැංගනීස් – දෛනික අවශ්‍යතාවයෙන් 26% 

සෙලිනියම් – දෛනික අවශ්‍යතාවයෙන් 56% ක් අඩංගු වෙලා තියෙනව කියල අනුමාන කරනව. 

මේම වුනත් සමහර ඇට වර්ග වල අනෙක් ඇට වලට වඩා සමහර පෝෂක ඉහළ ප්‍රමාණයකින් අඩංගුයි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here