Noodles බේක් කරල බලමු

0
10


අපි හැමතිස්සෙම වගේ නූඩ්ල්ස් හදන්න පුරුදුවෙලා ඉන්නෙ එකම විදිහටනෙ. අලුත්ම ක්‍රයක් නොවුණත්, බලන්න මේ විදිහට නූඩ්ල්ස් හදල

අවශ්‍ය ද්‍රව්‍ය :

  • විනාඩි 5ක් වතුරෙන් පොඟවා ගත් නූඩ්ල්ස්
  • ගසාගත් බිත්තරයක්
  • කිරි කෝප්පයක්
  • පාන් පිටි මේස හැඳි 3
  • බටර් මේස හැඳි 2
  • මොසරැල්ලා චීස්
  • කුඩාවට කපාගත් කැරට් අල 01
  • කුඩාවට කපාගත් අල ගෙඩි 01
  • කුඩාවට කපාගත් ගෝවා ස්වල්පයක්
  • කුඩාවට කපාගත් බෝංචි කරල් 05
  • සෝයා සෝස් තේ හැඳි 1/2
  • ගම්මිරිස් මේස හැඳි බාගයක්
  • රස අනුව ලුණු
  • සැරසීමට කුඩාවට කපාගත් ළූණු කොළ ස්වල්පයක්

සාදන ආකාරය:

පළමුව සියලුම එළවලු කොටස් සහ නූඩ්ල්ස් බාගෙට තම්බා ගන්න. අණතුරුව බඳුනක් ගෙන මද ගින්දරේ ලිප මත තබා කිරි, ගසාගත් බිත්තරය, පිටි සහ බටර් ටිකදමා හොඳින් කැට නොගැසෙන සේ කවලම් කර කරගන්න . ඉන්පසුව තම්බාගත් එළවලු හා නූඩ්ල්ස්, ලුණු, සෝස් සහ ගම්මිරිස් එම බඳුනට එකතු කර හොඳින් කලවම් කරන්න. දැන්  සම්පූර්ණ මිශ්‍රණයම බේකිං ට්‍රේ එකකට දමා, මොසරැල්ලා චීස් ද එයට උඩින් අතුරා පැය බාගයක් පමණ බේක් කරන්න. උණුවෙන්ම ළූණු කොළ ඉස පිළිගන්වන්න.

මෙයට කුඩාවට කපාගත් සොසේජස්, චීස්, බෙල් පෙපර් ආදියත් එකතුකරගත හැකියි. මාළු සෝස්, චිලී පේස්ට් ආදිය එකතුකරගන්නත් කිසිම තහනමක් නැහැ. අදම මෙ රසවත් බේක්ඩ් නූඩ්ල් එක හදල ගෙදර අයත් එක්ක රසවිඳින්න.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here