No bake desserts

0
2

අතුරුපස කියන්නේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් කැමති ආහාර වර්ගයක්. නමුත් සමහර අතුරුපස වර්ග සකස් කරන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය සහ සැකසීමේ කාර්යයෙහි ඇති සංකීර්ණ බව නිසා ගොඩක් දෙනෙක් අතුරුපස සකස් කරන්න මැලි වෙලා ඉන්නවා වගේම වෙළඳපලෙන් මිලදී ගන්නත් පුරුදුවෙලා ඉන්නවා.ඉතින් අද අපි ඔබට කියන්නේ පහසුවෙන් සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍යය වලින් අවන් එකක් නැතුව උනත් සකස් කරගන්න හැකියාව තියෙන අතුරුපස වර්ග කීපයක් ගැනයි.

No bake chocolate biscuit cake

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

මාරි බිස්කට් ග්‍රෑම් 200 

කිරි කෝප්ප 1/2

කොකෝවා කුඩු මේස හැඳි 2

සීනි කෝප්ප 1/2

බටර් ග්‍රෑම් 75

වැනිලා ස්වල්පයක්

අවශ්‍ය නම් චොකලට් චිප්ස් හෝ නට්ස් වර්ග

හදන්නේ මෙහෙමයි 

මුලින්ම මාරි බිස්කට් සියල්ල කුඩා කැබලි වලට කඩා ගන්න (ඉතා සිහින් නොවන ආකාරයට )

පෑන් එකකට බටර් එකතු කර එය උණු කර ගන්න 

පසුව එයට සීනි, කොකෝවා කුඩු, කිරි සහ වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

මෙම චොකලට් මිශ්‍රණය කුඩාවට කඩා ගත් බිස්කට් මත වත් කරන්න

සියල්ල මෘදු ලෙස මිශ්‍ර කරන්න.

ආවරණය කළ හැකි භාජනයකට සකස් කර ගත් මිශ්‍රණය එකතු කරන්න 

පැය 3–4ක් ශීතකරණයේ තබන්න.

හතරැස් කොටු කපා පිළිගන්වන්න. අවශ්‍ය නම් චොකලට් චිප්ස් හෝ කැමති නට්ස් වර්ගයක් එකතු කර ගන්න

No bake cheese cake

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

බේස් එක සඳහා ,

කුඩු කර ගත් බිස්කට් කෝප්ප 1½

උණු කළ බටර් කෝප්ප ½

පිරවුම සඳහා,

ක්‍රීම් චීස් කෝප්ප 1

අයිසිං සීනි කෝප්ප ½

විපින් ක්‍රීම් කෝප්ප 1

වැනිලා තේ හැඳි 1 

හදන්නේ මෙහෙමයි 

මුලින්ම කුඩු කරගත් බිස්කට් වලට උණු කළ බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

දැන් එම මිශ්‍රණය සුදුසු තැටියකට දමා සිහින් තට්ටුවක් ආකාරයෙන් හොඳින් මට්ටම් කර කරගන්න

තැටිය ශීතකරණයේ තබා විනාඩි 30ක් සිසිල් කර ගන්න 

ඉන්පසුව වෙනත් භාජනයක් ගෙන ක්‍රීම් චීස් සහ සීනි එකතු කර මෘදු වන තෙක් බීට් කර ගන්න

තවත් භාජනයකට විපින් ක්‍රීම් එකතු කර හොඳින් විප් කර ගන්න, පසුව ක්‍රීම් චීස් මිශ්‍රණයට එකතු කරන්න

ශීත කර ගත් බිස්කට් මිශ්‍රණය මතින් බීට් කර ගත් ක්‍රීම් මිශ්‍රණය අතුරන්න 

දැන් මෙය පැය 4–5ක් ශීතකරණයේ තබන්න.

පිළිගැන්වීමට පෙර ස්ට්‍රෝබෙරි හෝ චොකලට් එකතු කර ගන්න 

Chocolate peanut butter balls

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

රටකජු බටර් කෝප්ප 1

මී පැණි මේස හැඳි 2

කිරි පිටි කෝප්ප ½

උණු කළ චොකලට් කෝප්ප ½

හදන්නේ මෙහෙමයි 

මුලින්ම භාජනයකට රටකජු බටර්, මී පැණි සහ කිරි පිටි එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කරන්න.

මිශ්‍රණය කුඩා බෝල ලෙස සකස් කර කර ගන්න 

දැන් එම බෝල උණු කළ චොකලට් වල ගිල්වන්න.

පැය 1 -2  ක් ශීතකරණයේ තබන්න.

අවශ්‍ය නම් පිළිගැන්වීමට පෙර කුඩු කරගත් කජු හෝ කජු කැබලි ඉස ගන්න 

No bake oreo dessert cup

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

ඔරියෝ බිස්කට් පැකට් 1

විප් ක්‍රීම් කෝප්ප 1

චොකලට් සෝස් කෝප්ප ½

අවශ්‍ය නම් චොකලට් චිප්ස්

හදන්නේ මෙහෙමයි 

ඔරියෝ බිස්කට් සාමාන්‍ය කැබලි වලට කඩා ගන්න 

වීදුරුවක් ගෙන, කඩා ගත් ඔරියො බිස්කට් තට්ටුවක් එකතු කර ඒ මතින්  විප් ක්‍රීම් සහ චොකලට් සෝස් තට්ටුවක් දමා ගන්න.

වීදුරුවේ ප්‍රමාණයට තට්ටු දෙකක් හෝ තුනක් ඒ ආකාරයෙන් සකස් කර ගන්න

පිළිගැන්වීමට පෙර පැය 1-2 ක් ශීතකරණයේ තබා සිසිල් කර ගන්න

අවශ්‍ය නම් පිළිගැන්වීමට පෙර චොකලට් චිප්ස් එකතු කර ගන්න

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here