මහනුවර පොල්ගොල්ල පිහිටි ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ (NICD) පිහිටුවන ලද නව පරිගණක විද්‍යාගාරය විවෘත කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ, අහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිකුත් තළ නිවේදනය පහතින් දැක්වේ,
තිරසාර ව්‍යවසායන් බිහි කිරීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවසායක ශක්තිය හා නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමෙහි ලා අවැසි දැනුම, කුසලතා හා ආකල්ප ගොඩනැගීමෙන් සමූපකාර ප්‍රජාව බල ගැන්වීම මුල් කරගෙන පිහිටවන ලද,
මහනුවර පොල්ගොල්ල පිහිටි ජාතික සමුපකාර සංවර්ධන ආයතනය (NICD) සමුපකාර අධ්‍යයන ක්ෂේත්‍රයට සීමා නොවී, අතිරේක වෘත්තීය සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල ද ඩිප්ලෝමා, සහතික සහ කෙටි කාලීන පාඨමාලා, උපදේශන සේවා සහ පුහුණු වැඩසටහන් පිරිනමන අගනුවර කොළඹින් පිටත ප්‍රමුඛ අධ්‍යාපන හා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස වේගයෙන් වර්ධනය වෙමින් පවතී.
එම වර්ධනයට අදාළව ආයතනයේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින්, 2026 ජනවාරි 19 වන දින ආයතනයේ බහු කාර්ය ගොඩනැඟිල්ල සඳහා පරිගණක 30කින් සමන්විත නව පරිගණක විද්‍යාගාරයක් විවෘත කෙරිණි.
මෙම නව පරිගණක විද්‍යාගාරය කොමර්ෂල් බැංකුව විසින් පරිත්‍යාගයක් වශයෙන් ලබාදීම විශේෂත්වයකි. නව පහසුකම හරහා NICD හි අධ්‍යාපනික හා පුහුණු වැඩසටහන් සඳහා නව තාක්ෂණය එක් කරමින්, ශිෂ්‍යයන්ට සහ පුහුණු ලාභීන්ට වැඩි දක්ෂතා හා ප්‍රායෝගික දැනුම ලබාගැනීමට අවස්ථාව සලසා දෙනු ඇත.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීන අවශ්‍යතා සමඟ සරිලන පරිදි තාක්ෂණික පහසුකම් සංවර්ධනය කරමින්, ජාතික සමුපකාර සංවර්ධන ආයතනය ජාතික මට්ටමින් අධ්‍යාපන හා පුහුණුවේ ප්‍රමුඛ මධ්‍යස්ථානයක් බවට පත්වීමේ මඟෙහි තවත් වැදගත් පියවරක් ලෙස මෙම නව පරිගණක විද්‍යාගාරය සැලකේ.



2
Saru News










