නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW:ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කරන නිර්දේශිත වාර්තා ප්‍රමාදවීම නිසා ආපදා හේතුවෙන් අවතැන් වූ පවුල් යළි පදිංචි කිරීම ප්‍රමාද වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 5200ක් පමණ යළි පදිංචි කිරීම සිදු කළ යුතු නමුත් එහි නිර්දේශිත වර්තා නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින නිසා නව නිවාස ඉදිකිරීම ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි ද ඒ මහතා පැවසුවේය.
ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අවතැන්වී ඇති පවුල් ස්ථිර නිවාස තුළ පදිංචි කිරීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව කීවේය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාරත්න මහතාගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කාර්යය මණ්ඩලය සීමිත භෞතික හා මානව සම්පත් මත අදාල කාර්යය සිදුකරන බව පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා, දැනට හදුනාගෙන ඇති ඉඩම් සඳහා අදාල වාර්තා ලබා දෙන්නේ නම් නිවාස ඉදිකිරීම් කඩිනම් කළ හැකි යැයි ද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඇතුලු රජයේ විවිධ ආයතන සතු ඉඩම් යළි පදිංචි කිරීමේ ක්‍රියාවලිය සඳහා හදුනාගෙන ඇති නමුත් නිවාස ඉදිකිරීමට නම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව අත්‍යව්‍යශ යැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය. මිලදී ගන්නා නව නිවාස සඳහා ද එම වාර්තා අවශ්‍ය යැයි ද ඔහු සඳහන් කළේය.
එම පර්යේෂණ ආයතනයේ වාර්තා කඩිනම් කිරීම තුළින් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි නව නිවාස 200ක් ආරම්භ කළ හැකි බවත් තවත් නිවාස 1000ක් පමණ ඉදිරි මාස කිහිපය තුළදී ආරම්භ කිරීමට හැකි වනු ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාරත්න මහතා එහිදී අදහස් දක්වමින් වාර්තා නිකුත් කිරීම කඩිනම් කළ හැකි බවත් ඒ සඳහා අවශ්‍ය කාර්යය මණ්ඩලය දැනටමත් යොදවා ඇතැයි කීවේය. ඉල්ලුම්පත් යොමු කිරීමේ දී ලිපි ලේඛණවල අඩු ලුහුඩුකම් පැවතීම වාර්තා නිකුත් කිරීමට යම් බාධාවක් වන බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇති ලිපි ලේඛණ ද ඒ සමඟ ඉදිරිපත් කරන ලෙස ඒ මහතා එහිදී දැනුම් දුන්නේය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන භූවිද්‍යාඥ චතුරි සුභසිංහ සහ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු මෙම සාකච්ඡාව සඳහා සහභාගීවූහ.

The post NBRO වාර්තා ප්‍රමාදයෙන් මහනුවර යළි පදිංචිකිරීම් ප්‍රමාදයි? appeared first on LNW Sinhala.
Saru News
















