Mr. කොත්තු වසා දමන්න අධිකරණ නියෝගයක්!

0
2

මීගමුව ගල්කන්ද හංදියේ පිහිටා ඇති Mr. කොත්තු ආපන ශාලාව තාවකාලිකව වසා දමන ලෙස මීගමුව මහාධිකරණය විසින් අද (12) නියෝග කළේය.

ඒ එම අවන්හලේ මුළුතැන්ගෙයි අපජලය තාප්පයක් සිදුරු කර බටයක් මගින් පාරට මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. සුරංග මහතා විසින් ගොනුකරන ලද නඩුවක් කැඳවූ අවස්ථාවේදීය.

එම නඩුව ඉකුත් 22 වැනිදා මීගමුව මහාධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදී දින 14ක කාලයක් අදාළ අවන්හල වසාදමා සියළු අඩුපාඩු නිසි පරිදි පිළිසකර කරණ ලෙස නියෝග කර තිබුණ ද එය නිසි ලෙස ඉටු නොකිරීම නිසා මේ නියෝගය කර තිබේ.

මූලාශ්‍රය – මීපුර

සබැඳි පුවත්:

Mr. කොත්තු ග්‍රෑන්ඩ් හා බිග් බයිට් බිරියානි අපිරිසිදු ලෙස කෑම හදන බවට චෝදනා
Mr.කොත්තු grand හි කොත්තුවක පණුවෙක් ඉඳලා 
Mr.කොත්තුට එරෙහිව මහරගම පොලිසියට පැමිණිල්ලක්


Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here