Makeup මිලදී ගැනීමේදී ඔබට අමතකම වන දේ

0
12


මේකප් ගැන හොඳ දැනුමක් තබෙන අයටත් අමතකවෙන පුංචි කරුණක් තිබෙනව. ඒ තමයි රූපාලංකරණ නිෂ්පාදනවලටත් කාලය ඉකුත්වීමේ දිනයක් තිබෙනබව. කාන්තාවන් හරිම කැමතියි දකින දකින අලංකාර අලුත් රූපාලංකරණ නිෂ්පාදන එකතුකරගන්න. ගොඩක්දෙනා ප්‍රියකරන විනෝදාංශයක් බවට මෙය පත්වෙලා.

නමුත් ඔබ නිකමට හරි කල්පනාකරල බැලුවද මෙම නිෂ්පාදන කොපමණ කාලයක් භාවිතයට සුදුසුද කියල? ඒ නිසා මෙන්න මේ කරුණු දෙක ගැන අවධානය යොමුකරන්න අමතක  කරන්න එපා.  කල් පැනපු රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කලොත් ඔබ නොසිතූ ලෙස විවිධ ආසාත්මිකතාවන්ට ලක් වීම වැනි බොහෝම භයානක තත්වයන්ට මුහුණ දීමට සිදුවේවී.

මුද්‍රාව ඉවත්කර නැත්නම් රූපාලංකරණ නිෂ්පාදන කලක් ගබඩාකර තබාගන්න පුළුවන්. නමුත් හිරු එළිය, අධික උණසුම ඇති තැනක ගබඩාකර තැබුවොත් නම් ඉතා ඉක්මනින්ම එම  රූපාලංකරණ නිෂ්පාදන නරක්වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල කල් ඉකුත් විමේ දිනය පිළිබද සැලකිලිමත් වීම වැදගත් වගේම, මිලදී ගැනීමට පෙර නිෂ්පාදන මිලදී ගත් ආයතනය තුල ඒවා සෞඛ්‍ය ආරක්ෂිතව ගබඩා කර තිබිණි දැයි මිලදි ගැනීමට පෙර අවධානය යොමු කරන්න.

මෙන්න මේ නිසා තමයි රූපාලංකරණ නිෂ්පාදන අලෙවිසැල්වලදී අලුත්ම රූපාලංකරණ නිෂ්පාදන භාණ්ඩ භාවිතාකරන්නට නොදී testers පමණක් ලබාදෙන්නේ. රූපාලංකරණ නිෂ්පාදනයක මුද්‍රාව කැඩූ පසු හා වාතයට නිරාවරණයවීමෙන් පසු බොහෝවිට එතරම් දිගුකලක් භාවිතාකරීමේ හැකියාවක් නැහැ.

මේනිසා අදින් පසුව අනිවාර්යයෙන්ම රූපාලංකරණ නිෂ්පාදනයක් මිලදීගන්න පෙර එහි මුද්‍රාව නිසිපරිදි තිබේදයන්න වගේම කාලය ඉකුත්වීමේ දිනයන් පිළිබඳවත් ලේබලය පරීක්ෂාකර බලා මිලදීගන්න.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here