විවිධ රටවල්වල සංචාරය කරමින් සංචාරකයන් පන්සිය පනස් පස්දෙනකු රැගත් ‘M.V.Crystal Symphory‘ නෞකාව ඊයේ (23) ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල අෂ්රොප් ජැටියට සේන්දු විය.
ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, අමෙරිකාව ආදි රටවල් රැසක සංචාරකයන් මෙම නෞකාවෙන් ත්‍රිකුණාමලයට ගොඩබැස්ස අතර ඔවුන්ට ත්‍රිකුණාමලය, සීගිරිය, හබරණ ආදී ප්‍රදේශවල සංචාරය කිරීමට අවශ්‍ය පහසුකම් යොදා තිබුණි.
බහමාස් රාජ්‍යයේ ලියාපදිංචි මෙම නෞකාව 497ක කාර්ය මණ්ඩලයකින් සමන්විතය. මෙම පිරිස ත්‍රිකුණාමලයේ එක් දිනක සංචාරයක නිරත වේ. නැඟෙනහිර පළාතේ සංචාරක කේන්ද්‍රස්ථානයක් වන ත්‍රිකුණාමලයට මෙම සංචාරකයන් පැමිණීම නැඟෙනහිර පළාතේ සංචාරක කර්මාන්තයට විශාල පිටිවහලක් වනු ඇති බව සංචාරක කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.

Saru News
















