‘M.V.Crystal Symphory’ සංචාරක නෞකාව ත්‍රිකු­ණා­ම­ල­යට

0
3

විවිධ රට­ව­ල්වල සංචා­රය කර­මින් සංචා­ර­ක­යන් පන්සිය පනස් පස්දෙ­නකු රැගත් ‘M.V.Crystal Symphory‘ නෞකාව ඊයේ (23) ශ්‍රී ලංකා වරාය අධි­කා­රි­යට අයත් ත්‍රිකු­ණා­මල අෂ්රොප් ජැටි­යට සේන්දු විය.

ඔස්ට්‍රේ­ලි­යාව, ඉන්දි­යාව, අමෙ­රි­කාව ආදි රට­වල් රැසක සංචා­ර­ක­යන් මෙම නෞකා­වෙන් ත්‍රිකු­ණා­ම­ල­යට ගොඩ­බැස්ස අතර ඔවුන්ට ත්‍රිකු­ණා­ම­ලය, සීගි­රිය, හබ­රණ ආදී ප්‍රදේ­ශ­වල සංචා­රය කිරී­මට අවශ්‍ය පහ­සු­කම් යොදා තිබුණි.

බහ­මාස් රාජ්‍යයේ ලියා­ප­දිංචි මෙම නෞකාව 497ක කාර්ය මණ්ඩ­ල­ය­කින් සම­න්වි­තය. මෙම පිරිස ත්‍රිකු­ණා­ම­ලයේ එක් දිනක සංචා­ර­යක නිරත වේ. නැඟෙ­න­හිර පළාතේ සංචා­රක කේන්ද්‍ර­ස්ථා­න­යක් වන ත්‍රිකු­ණා­ම­ල­යට මෙම සංචා­ර­ක­යන් පැමි­ණීම නැඟෙ­න­හිර පළාතේ සංචා­රක කර්මා­න්ත­යට විශාල පිටි­ව­හ­ලක් වනු ඇති බව සංචා­රක කර්මා­න්ත­ක­රුවෝ පෙන්වා දෙති.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here