ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22) නිවේදනය කළේය.
2026 වසරේ පෙබරවාරි-මාර්තු මාසයන් හි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සූදානම්වීම සඳහා මෙම තීරණය ගත් බව එම නිවේදනයේ දැක්වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාර්ගෝපදේශයන්ට අනුව ලෝක කුසලානයට සත්කාරකත්වය දරන සියලු ක්‍රීඩාංගණ නිසි කාලසීමාව වනවිට යෝග්‍ය තත්ත්වයෙන් තිබිය යුතුය.
ඒ අනුව කණ්ඩායම් 20ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලානයට පෙර ක්‍රීඩාංගණයන්හි සූදානම සහතික කිරීම සඳහා පූර්ණ අවධානය යොමුකරමින් මෙලෙස LPL තරගාවලිය මෙම වසරේ පැවැත්වැත්වීමට තීරණය කර ඇත.
ප්‍රේක්ෂක කුටි වැඩි කිරීම සහ වැඩිදියුණු කිරීම, ක්‍රීඩක විවේකාගාර සහ පුහුණුවීම් සිදුකරන ස්ථානයන්හි පහසුකම් වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තර විකාශන පහසුකම් වැඩිදියුණු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, මාධ්‍ය ආවරණ අවශ්‍යතා සපුරාලීම සඳහා මාධ්‍ය කුටිවල යටිතල පහසුකම් ඉහළ නැංවීම යනාදී ලෙස අංශ කිහිපයක් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල පහසුකම් වැඩිකළ යුතුව තිබේ.
එළැඹෙන විස්සයි20 ලෝක කුසලානයේ තරග මෙරට ක්‍රීඩාංගණ තුනක දී පැවැත්වීමට නියමිතව ඇත.
ඉන් තරග කිහිපයක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව ඇති වුවත්, මේ දිනවල පැවැත්වෙන එක්දින කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය හේතුවෙන් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබේ.
Saru FM Media