LPL කණ්ඩායම් දෙකක හිමිකරුවන්ගේ අයිතිය අහෝසි කරයි

0
10


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් දෙකක් නව හිමිකරුවන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. 

ඒ, කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම්වලයි. 

ඒවායේ හිමිකරුවන් සතු අයිතිය අවසන් කිරීමට පියවර ගැනීමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ කොන්ත්‍රාත් කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් විසින් ඒවායේ හිමිකරුවන් සතු අයිතිය අවසන් කිරීමට තීරණය කළ බවයි. 

ඒ අනුව මීළඟ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම් සඳහා නව හිමිකරුවන් ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here