LOLC රක්ෂණ සමාගම, LOLC ජීවිත රක්ෂණ හා LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සුවිශේෂී පත්වීම් දෙකක් පිළිබඳ සතුටින් නිවේදනය කරයි. LOLC රක්ෂණ සමාගම්හි තිරසාර වර්ධනයක් ඇති කිරීම, ආයතනික පාලනයන් ශක්තිමත් කිරීම සහ මෙහෙයුම් විශිෂ්ටත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් සිදු කරනු ලැබූ මෙම නායකත්ව පත්කිරීම්, නව දර්ශනයක් සහ ජවයක් සමගින් උපායමාර්ගික දිශානතියක නව පරිච්ඡේදයන් සනිටුහන් කරනු ඇත.
චන්දන එල්. අලුත්ගම මහතා, LOLC ජීවිත රක්ෂණ සමාගමෙහි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන නිලධාරී ලෙසත්, LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමෙහි අධ්‍යක්ෂවරයකු ලෙසත් පත් කර තිබේ. ඒ සමඟම LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමෙහි සභාපති ධුරය දරන කිත්සිරි ගුණවර්ධන මහතා, එම ධුරයට අමතරව, LOLC ජීවිත රක්ෂණ සමාගමෙහි අධ්‍යක්ෂවරයකු ලෙස පත්කර ඇත. මෙම පළපුරුදු නායකත්වය ඔස්සේ උපායමාර්ගික දැක්මක් සහිතව මෙරට රක්ෂණ ක්‍ෂේත්‍රයේ සාර්ථක ඉදිරි ගමනක් සඳහා තම මාර්ගය සකසා ගැනීම LOLC රක්ෂණ සමාගම්හි අපේක්ෂාවයි.
ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ක්‍ෂේත්‍රයේ වසර 33 කට වැඩි පළපුරුද්දක් මෙන්ම නායකත්වය, ආයතනික පාලනය සහ කුසලතා සංවර්ධනය පිළිබඳ පුළුල් විශේෂඥතාවයක් සහිතව LOLC රක්ෂණ සමාගම් සමඟ සම්බන්ධ වූ අලුත්ගම මහතා, ඊගල් ඉන්ෂුවරන්ස් පීඑල්සී (සූරිච් මූල්‍ය සේවා සමූහය), HNB ඇෂුවරන්ස් පීඑල්සී සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් ඇතුළු ප්‍රමුඛ පෙලේ ආයතන වල ජ්‍යෙෂ්ඨ තනතුරු දරා තිබේ. ඊට අමතරවල LOLC රක්ෂණ සමාගම හා එක්වීමට පෙර, ඔහු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ජෙනරල් ලිමිටඩ් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලෙස සේවය කර ඇති අතර තම සේවා කාලය තුළදී, ජීවිත හා සාමාන්‍ය රක්ෂණ මෙහෙයුම් ව්‍යවස්ථානුකූලව වෙන් කිරීමට 2024 වසරේදී මූලිකත්වය දුන් අතර, ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය සහ කාර්ය සාධනය මත පදනම් වූ සංස්කෘතියක් ස්ථාපිත කිරීම ඇතුළු ප්‍රධාන වෙනස්කම් රැසක් සාර්ථක ලෙස මෙහෙයවීය. රක්ෂණ ක්‍ෂේත්‍රය තුළ සිය දිගුකාලීන දායකත්වය පිළිබිඹු කරමින් ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සම්මේලනයේ (IASL) සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
වසර 35 කට වැඩි කාලයක් නීති ක්‍ෂේත්‍රයේ, රාජ්‍ය අංශයේ සහ ආයතනික ක්‍ෂේත්‍රයේ, පළපුරුද්දක් සහිත කිත්සිරි ගුණවර්ධන මහතා 2004 වසරේ සිට LOLC සමූහයේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි. නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥයකු ලෙස, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) නීති සහ බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ ලෙස මෙන්ම පාරිභෝගික කටයුතු අධිකාරියේ පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඔහු රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් දරා ඇත. ගුණවර්ධන මහතා, LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමෙහි වර්තමාන සභාපති සහ LOLC සමූහයෙ හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස ද සේවය කරන අතර, LOLC සමූහයෙහි දේශීය සහ ජාත්‍යන්තර අනුබද්ධ ආයතන වල හෝටල්, මූල්‍ය සේවා සහ වැවිලි ක්ෂේත්‍රයන්හි ද අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු දරයි.
Saru FM Media