LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ හිමිකාරිත්වය සහිත අනුබද්ධ ආයතනයක් වන LOLC ඇඩ්වාන්ස්ඩ් ටෙක්නොලොජීස් (LOLC AT), සහ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි කේන්ද්‍රගත ජාත්‍යන්තර කෝසෙයාර් සමූහය (Corsair Group International) සමඟ ඒකාබද්ධව කෙරවලපිටියේ LOLC AT අපද්‍රව්‍ය ඉන්ධන බවට පරිවර්තනය කිරීමේ යන්ත්‍රාගාරය වැඩිදියුණු කොට පුළුල් කිරීම සඳහා සන්ධිස්ථානීය හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කරයි. මෙම උපායමාර්ගික ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය පිළිබඳ වර්ධනය වන අභියෝගයට පිළිතුරක්ද සපයයි.
ශ්‍රී ලංකාව දිනකට ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7,000 ක් පමණ ජනනය කරන බවට ඇස්තමේන්තු කර ඇති අතර, එය දළ වශයෙන් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.56 කි. එයින් සැලකිය යුතු කොටසක් පොලිතින් සහ ප්ලාස්ටික් වලින් සමන්විත වේ. ප්ලාස්ටික් නිසා සිදුවන දූෂණය දැන් ශ්‍රී ලංකාවේ දැවැන්ත පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබේ. මෙම අපද්‍රව්‍ය වලින් බොහොමයක් කසළ බිම්, ජල මාර්ග මෙන්ම සාගරයට එක්වන්නේ පාරිසරික පද්ධති, මහජන සෞඛ්‍ය සහ සංචාරක ව්‍යාපාරයටද බරපතළ තර්ජනයක් එල්ල කරමිනි.
LOLC AT සිය ආයෝජනයෙන් අපද්‍රව්‍ය ඉන්ධන බවට පරිවර්තනය කිරීමේ කර්මාන්තශාලාවක් 2023 වසරේදී ආරම්භ කළ අතර, 2024 වසර පුරාම එය සාර්ථක අන්දමින් ක්‍රියාත්මක විය. මෙම කර්මාන්තශාලාව මඟින් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් නැවත භාවිත කළ හැකි ඉන්ධන බවට පත් කරයි. එමඟින් කසළ කඳු ගොඩගැසීම හෝ දහනය කිරීම වෙනුවට පොසිල ඉන්ධන සඳහා සාර්ථක විකල්පයක් ද සපයයි. මෙම පදනම මත කෝසෙයාර් සමූහය සමඟ ගොඩනගනු ලබන හවුල්කාරිත්වය ඔස්සේ නවීන තාක්ෂණික වැඩිදියුණු කිරීම් ඔස්සේ එහි සැකසුම් ධාරිතාව වැඩි කිරීමට සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා වූ තාක්ෂණය කෝසෙයාර් විසින් එහි තාක්ෂණික සහකරුවන් සමඟ සංවර්ධනය කරන ලද්දකි. ISCC PLUS සහතික ලත් උසස් තත්ත්වයේ, පයිරොලිසිස් තෙල් (ජෛව ඉන්ධන) නිෂ්පාදනය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලිකාංගයයි. එමඟින් අපද්‍රව්‍ය තිරසර සහ මහා පරිමාණ ආකාරයෙන් ආර්ථිකයට නැවත එක්කළ හැකි සම්පත් බවට පරිවර්තනය කරමින් පූර්ණ චක්‍රීය ආර්ථිකයකට දායක වේ.
පුළුල් කරන ලද කර්මාන්තශාලාව මඟින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් යොදාගැනීමට මෙන්ම පුළුල් පරාසයක අමුද්‍රව්‍ය සැකසීමටද හැකිවේ. ඒවා ඉහළ ප්‍රමිතියක් සහිත පයිරොලිසිස් තෙල් බවට පරිවර්තනය කරන අතර, එම නිමැවුම් පෙට්‍රෝලියම් රසායනික සමාගම් වලට නව ප්ලාස්ටික් නිෂ්පාදනය කිරීමේ අමුද්‍රව්‍යයක් ලෙස යොදාගත හැකිවේ. ඒ අනුව මෙම කර්මාන්තශාලාව ප්‍රතිචක්‍රීය ප්ලාස්ටික් ප්‍රධාන දායකයකු බවට පත්වේ. එමඟින් ශ්‍රී ලංකාවට තීරණාත්මකවූ පාරිසරික අභියෝගයකට පිළිතුරු සපයන අතරම හරිත රැකියා නිර්මාණය, නවෝත්පාදනය දිරි ගැන්වීම සහ තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සඳහා ශ්‍රී ලංකාව කලාපීය ප්‍රමුඛයකු බවට පත් කරනු ඇත.
Saru FM Media