Lip liner භාවිතා කිරීමෙන් මේ වාසි ලැබෙන බව ඔබ දන්නවද ?

0
13


එකිනෙකාට ඔවුන්ටම ආවේණික වූ තොල් වල හැඩයක් තියෙනවා. සමහර අයට සිහින් සහ දිගු තොල් පිහිටලා තියෙන අතර සමහර අයට පිරිපුන් තොල් පිහිටලා තියෙනවා. ඔබ තොල් ආලේපනයක් ආලේප කරන්නට කලින් ඔබේ තොල් වල හැඩය අවශ්‍ය විදිහට සකස් කර ගන්න කැමති කෙනෙක් නම් ඔබට ලිප්ලයිනර් එකක් භාවිතා කරන්න පුළුවන්. නමුත් ගොඩක් දෙනෙක් මේ වෙනකොට Lip liner එකක් භාවිතා කරන්නේ නැහැ. ඇත්තටම ලිප් ලයිනර් එකකින් තියෙන වාසි මොනවද ? 

අපි ඔබට ඉහත සඳහන් කළා වගේ එකිනෙකාගේ තොල් පිහිටලා තියෙන්නේ විවිධාකාර විදියට. නමුත් මේකප් එකක් අවසානයේදී තොල් ආලේපන ගැල්වුවාට පස්සේ මේ අසමානකම් ඉතා හොඳින් කැපිලා පේනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් හැටියට අසමාන තොල් වලට සමාන හැඩයක් ගෙන එන්න ලිප්ලයිනර් එකකට පුළුවන්.

සමහර තොල් ආලේපන වර්ග ඉතා ඉක්මනින් මැකී යන සුළුයි. ඔබට දිගු කාලයක් ඔබේ තොල් ආලේපන රඳවා තබාගන්න අවශ්‍ය නම් ඒවා ආලේප කරන්නට පෙර ලිප්ලයිනර් එකකින් සම්පූර්ණයෙන්ම ඔබේ තොල් ඇඳගන්න. ඒ මත තොල් ආලේපන ආලේප කරන්න. එමගින් ඔබට තොල් ආලේපනය බොහෝ වේලාවක් රඳවා ගන්න පුළුවන්.

බොහෝ දෙනෙක් කැමති පිරිපුන් තොල් යුගලක් පිහිටලා තියෙනවාට. නමුත් එහෙම නැති කෙනෙක්ට ලිප්ලයිනර් එකක් මගින් තොල්වල හැඩය වෙනස් කර ගන්න හැකියාව තියෙනවා. තොල් ආලේපන ගල්වන්නට පෙර ඔබට අවශ්‍ය හැඩයට ලිප් ලයිනර් එක ඇඳ ඉන් පසුව තොල් ආලේපන ගැල්වීමෙන් ඔබට ඔබේ තොල් වලට හොඳ හැඩයක් එකතු කර ගන්නට පුළුවන්.

වර්තමානයේ බොහෝ දෙනා Liquid lipstick  ආලේප කරන්නට හුරු වෙලා ඉන්නවා. නමුත් මෙවැනි සමහර ලිප්ස්ටික් වර්ග තොල් වලින් ඉවතට යාම දක්නට ලැබෙනවා.ඔබ Liquid lipstick වර්ග භාවිතා කරන්නට කලින් ලිප් ලයිනර් එකක් භාවිතා කරනවා නම් මේ තත්වය මග හරවා ගන්නට ඔබට පුළුවන් .

සමහර Liquid lipstick වර්ග මැට් finish එකක් ලබා දෙන බව සඳහන් කරලා තිබුණත් ඒවා භාවිතා කරාට පස්සේ මැට් ලුක් එකක් හෝ මැට් ෆිනිශ් එකක් ලබා දෙන්නේ නෑ කියලා අත්දැකීම් ඔබටත් ඇති. මේ වගේ ලිප්ස්ටික් වර්ග වලට මැට් ෆිනිශ් එකක් ලබා දෙන්න හොඳ ලිප් ලයිනර් එකකට පුළුවන්. ඉක්මනින් මැකිලා යන මේ වගේ ලිස්ටික් වර්ග දිගු කාලයක් තියා ගන්නත් ලිප් ලයිනර් භාවිතා කරන්න ඔබට පුළුවන්. 

ගොඩක් දෙනෙක් මේ වෙනකොට ලිප්ලයිනර් භාවිතයෙන් ඈත් වෙලා තියෙන නමුත් ඇත්තටම ලිප් ලයිනර් එකකින් ඔබට නොහිතන වාසි ලබා ගන්නට පුළුවන්. ඒ ගැනයි අද අපි මේ ලිපියෙන් ඔබට කරුණු ගෙන ආවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here