“Life is so stressed”….?

0
10


රෂිකා හෙන්නායක අප්‍රේල් 12 කොළඹ LNW :

“Life is so stressed” ඔයාලා කවමදා හරි ජීවිතේ එකම එක වතාවක් හරි මේ කතා අහලා ඇති නේද? සමහරවෙලාවට ආතතිය දරාගන්න බැරිව සිද්ද වුණ අවාසනාවන්ත සිදුවීම් වල අත්දැකීම් ඇති. එහෙම සිදුවීම් වල සාක්කිකාරයෝ වෙන්න ඇති. ඔව් ආතතිය කියන්නෙ නිහඬවම එන මාරයාට කීවොත් නිවැරදියි.

ආතතිය කියන්නේ අපේ ඇඟේ තියෙන සාමාන්‍ය ප්‍රතික්‍රියාවක්. අපි කෑවම ආමාශ බිත්ති වලින් රසායන ද්‍රව්‍ය ශ්‍රාවය කරලා ඒ ආහාර ජීර්ණය කිරීමේ ප්‍රතික්‍රියා සිදු කරනවා වගේම ක්‍රියාවලියක්. අපේ ශරීරය ගොඩ නැඟිලා තියෙන්නේම ආතතිය දරාගෙන ඒ ආතතියට ප්‍රතිචාර දක්වලා ඉදිරියට යන විදියට. එදිනෙදා ජීවත් වෙනකොට  ඔබට මුහුණ දෙන්න  වෙන අත්දැකීම් , අභියෝග නිසා ඔබේ ශරිරය තුළ වගේම මනසේත් යම් යම් වෙනස්කම් තියෙන ප්‍රතිචාර ඇති වෙනවා. මෙන්න මේ ප්‍රතිචාර වලට තමයි ආතතිය කියන්නේ. 

ආතතිය කියන්නේ යකෙක් නෙවෙයි. අපි ආතතිදායි තත්ව වලට මුහුණ දෙනවා කියන්නේම , අපේ ශරීරය නව තත්වයන්ට හැඩගැහෙනවා. ඒ වගේම අපිට ධනාත්මක බලාපොරොත්තු හදාගන්න, අවධානයෙන් ජීවත් වෙන්න, අනතුරු වලක්වා ගන්න වගේ කාරණා ආතතිය ඇති වීම තුළ සැපිරෙනවා.

ඕනෑම ශරීරයක් තුළ වෙනස්වීම් වෙනුවෙන් දරාගන්න පුලුවන් කාලයක් තියෙනවා. එක් වෙනස්වීමක ඉඳන් ඊළඟ වෙනස්වීම වෙනුවෙන් පහු කරන්න ඕනි සුප්ත කාලයක් තියෙනවා. ඒක පැයක්, දවසක්, සතියක්, අවුරුද්දක් වෙන්න පුලුවන්. අන්න ඒ කාලේ ලැබෙන්නේ නැතුව දිගින් දිගටම ජීවිතේ වෙනස්වීම්, අභියෝග වලට මුහුණ දෙන්නඔබට සිදු වෙනකොට ඔබට මානසික වගේම ශාරීරික වෙහෙසක් ඇති වෙනවා. ඒ වෙනස්කම් දරාගන්න බැරුව යනවා. එහෙම වුනාම ආතතිය පාලනය කරගන්න එක, කලමනාකරණය කරගන්න එක ඔබට පහසු නොවී යන්න පුලුවන් .

ඔබ තුළ තියෙන ආතතිය ඔබට දරාගන්න බැරි තැනකට එනකොට මානසික වගේම භෞතික කාරණා වලිනුත් ඒක එලියට පේනවා. ඒ ලක්ශණ ගැන අවබෝධෙන් ඉන්න එක ඔබට වගේම ඔබ වටේ ඉන්න ඔබේ හිතවතුන්ගේත් ජීවිත සුරක්ශිතතාවය වෙනුවෙන් වැදගත් මෙහෙම ලක්ශණ දිගටම තියෙනවා නම්, ඔබ සැලකිලිමත් වෙන්නම ඕනි

හදිසි ශරීර කැක්කුම් සහ වේදනා

හිටපු ගමන් මුළු ඇඟම මහා වේදනවකට වැටෙනවා ඔබට දැනිලා තියෙනවා නේද ? ආයේම කල්පනා කරලා බැලුවම ඒ වෙලාවේ ඔබ ඉඳලා තියෙන්නේ විශාල ප්‍රශ්නයක කියලත් මතක් වෙනවා නේද? 

පපුවේ කැක්කුම් සහ හදවත ඉතා වේගයෙන් ගැසෙන බව දැනීම

ප්‍රශ්නයක් දරාගන්න පුලුවන් සීමාව ඉක්මවලා, ඒක ආතතියක් බවට පත් වෙනකොට පපුවේ වේදනා මතු වෙනව. ඒ වගේම හදවතේ ස්පන්දනය අසාමාන්‍ය විදියට වේගයෙන් දැනෙන්න ගන්නවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here