Kitchen එක අස් කරන්න Smart tricks..

0
10


මුළුතැන්ගෙය ගෙදරක හදවත වගේ.. අපි අලුත් අවුරුද්දේ ගෙදර කිචන් එක ලස්සන කරලා පිළිවෙලකට තියා ගන්න හැටි ඔබට කියා දෙන්න හිතුවා.

පරණ ජෑම් බෝතල්, හිස් වතුර බෝතල්, වැඩකට නැති අයිස් ක්‍රීම් පෙට්ටි තියාගෙන ඉන්න එපා.ඒවා ඉවත් කරන්න.

වළං , සාස්පාන් වගේ දේවල් ඉඳි ආප්ප හදන උපකරණ, පිට්ටු බම්බු ආදිය වෙන වෙනම අසුරා ගන්න. ඒක ඔබට පහසුවක් වෙයි.

හාල් අසුරණයට දෙහි කොළ කීපයක් දමා ගුල්ලෝ බෝ වීම නවත්තන්න. කුළු බඩු විනිවිද පෙනෙන බෝතල් වල අසුරන්න. එහෙම නැත්තම් ඇතුළේ තියෙන දේ ලේබලයක් අලවන්න. එතකොට බෝතල් පියන් ඇර ඇර ඇතුලේ තියෙන දේ හොයන්න කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ.

ප්‍රමාණයෙන් කුඩා උපකරණ වෙන් කරන්න.
හැඳි, ගෑරප්පු, පිහි ආදිය හොයාගන්න හරිම අපහසු වෙන අවස්ථා ඇති නිසා මේ වගේ උපකරණ වෙනම බඳුනක බහාලන්න.

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here