Interview එකට යන්න කලින් මේ වැදගත් කරුණු ගැන දැනුවත් වෙන්න..

0
12


අවුරුදු ගණනාවක් ඉගෙනීම වගේම විවිධ වෘත්තීය පාඨමාලා , උපාධිය වගේම එක්ස්පීරියන්ස් අරගෙන හෝ නැතුව හෝ දැනුමින්  සන්නද්ධ ඔබ,රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට යන විට සහතික මිටියක් පමණක් රැගෙන යාම ප්‍රමාණවත් ද? කිසිසේත්ම නැහැ.

කිසියම් ආයතනයක් කිසිවෙකුව සේවයට බඳවා ගන්නේ කුමන පදනමකින් වුවත් ඔබඑම ආයතනයේ නම පිටතට රැගෙන යන තානාපතිවරයෙක්.ඉතින් මේ අපි සූදානම් වෙන්නෙ ඉන්ටවීව් එකකට යන්න කලින් පොඩි පුහුණුවකට….

මොකක් ගැනද? ඉන්ටවීව්ස් ගැන……

ඔහේ යන්නන් වාලේ සහතික මිටියකුත් තුරුලු කරගෙන යනවට වඩා අදාල ආයතනය ගැන සර්ච් කරන්න.කියවන්න.ඔවුන්ගේ අරමුණු,ආයතනයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හදාරන්න.

අධ්‍යාපන ,ක්‍රීඩා,සෞන්දර්ය ,බාහිර ආදී ලෙස වර්ගකර පැක් කරගන්න .පිළිවෙළකට,ලස්සන ෆයිල් කවරයක රදවන්න.

ඔබේ පර්සනලිටි එක පෙනෙන විදියට ඇඳුම් තෝරාගන්න. ලයිට් මේකප් එකක් ,සපත්තු ,හෑන්ඩ් බෑග් ,අබරණ සැලකිල්ලෙන් තෝරාගන්න .නිවැරැදි ඉරියව් පවත්වාගැනීම ත් පුරුදු වෙන්න.

මේක සියයට සීයක් සාර්ථක නැතත් එක්තරා පමණකට ඔබ කරන වැරදි ආදිය හසුකරගැනීමට වගේම Confidence වැඩි කරගැනීමටත් හරිම වටිනවා.

එම රැකියාවට,එම ආයතනයට  ඉල්ලුම් කිරීමට හේතුව ඇසුවොත් ඒ ඒ සඳහා සුදුසු පිළිතුරක් තෝරා ගන්න.

අද බොහෝ ආයතන අදාළ ඉල්ලුම්කරු ගේ සමාජ මාධ්‍ය හැසිරීම් පවා සොයා බලනවා.ඉතින් ෆේස්බුක් ප්‍රොෆයිල් එක ඇතුලු අදාළ මාධ්‍ය  ලස්සනට,පිලිවෙලට පවත්වාගන්න.

ඉල්ලුම්පතේ හෝ ජීව දත්‍ත පතෙහි, කොපියක් රැගෙන යන්න.

විනාඩි කිහිපයකට කලින් ආයතනයට යන්න.කලබලේ දාඩිය පෙරා නොගෙන පොඩ්ඩක් කලින් ගිහින් සන්සුන්ව අසුන් ගෙන සිටින්න.

සමහරු ඉන්ටවිව් එකට යන්න දවස් කීපෙකට කලින් ම ඉන්නේ බිරාන්ත වෙලා .ඉතින් ඒ විදියටම අදාල ආයතනයටත් ගියාම මේ තත්ත්වය හරිම ශෝචනීයයි.එහෙම නැති ව සැහැල්ලුවෙන් වගේ ම ආයතනයේදී හමු වෙන අයට ආචාරශීලී ව සිනහවකින් සංග්‍රහ කරන්නටත් ,වෙලාවේ හැටියට සුබ පතන්න ටත් අමතක කරන්න එපා.

මේක හරිම වැදගත්.ඔබ ගැන මහත් විශ්වාසයෙන් ශරීර ඉරියව් පවත්වා ගන්න.සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට යාමට පෙරසේම,සහභාගි වන විටත් ඒ ගැන සැලකිලිමත් වෙන්න.කුදු ගැහුණු ඉරියව්වකින් වගේම නො සන්සුන් මුහුණකින් නො සිටීමට වග බලා ගන්න.සෘජුව ඇස් දෙක දෙස බලාගෙන කතා කරන්න .නිතර ම මඳ සිනහවක් මුහුණේ රඳවාගෙන ඉන්න.අතට අත දෙන විට සෙමින්,තද නොකර ස්පර්ශ කිරීමට පුරුදු වන්න.කලබලයකින් මෙන් අත ඇද නොගෙන සෙමින් ඉවතට ගන්න.

ඔවුන් අසන කිසිවකට ඔබ පිළිතුරු දන්නේ නැත්නම් අනුමාන පිලිතුරු දීමට යන්න එපා.
සෘජුව මඳ සිනහවකින් යුතුව ඔබ දන්නෙ නැති බව කියන්න.

පෙර රැකියාව කල ආයතනය වගේම ඉගෙනුම ලැබූ ආයතන ගැනත් නෙගටිව් කමෙන්ට්ස් නොදෙන්නට වග බලාගන්න.ඉන් ඔබ ලැබූ දේවල් ගැන ෆෝකස් වෙන්න.

සාකච්ඡා මේසයෙන් නැගී සිටීමට කලින්,සම්මුඛ සාකච්ඡාවට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිය පළකරන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here