IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා ලෙස එවන් පැපජෝර්ජියෝ පත් කෙරේ

0
22


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් එවන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) පත්කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් මෙතෙක් කලක් කටයුතු කළ පීටර් බෘෘවර් ( Peter Breuer) සිය ධුර කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් නික්ම ගිය අතර, ඒ වෙනුවට මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට මුහුණ දුන් 2022 – 2023 වකවානුවේ දී ශ්‍රී ලංකාව යළිත් වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනුගත වීමට පියවර ගත් අතර, එම අවස්ථාවේ දී එම අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන්  පීටර් බෘෘවර් (Peter Breuer )කටයුතු කරනු ලැබුවා.

අලුතින් පත්කර සිටින එවන් පැපජෝර්ජියෝ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානියෙක්.

කලාපයේ ආර්ථික ප්‍රතිපත්ති සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මෙහෙයුම් සම්බන්ධයෙන් ඔහුට පුළුල් අත්දැකීම් තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here