අශෝක ජයතුංග
මැයි 05 වොෂින්ටන් LNW :
🍎IMF හා ලෝක බැංකු ප්‍රධානීන් මෑතක හමුවූ එකම ශ්‍රී ලංකා ජනපති කවුද……?
[නියෝජ්‍ය ඇමති චතුරංග යනු නිතර කට වරද්දා ගනිමින් සමාජ මාධ්‍ය කළඔන චරිතයකි. ඔහුට ළදරු චතුරංග හා හිච්චි අබේ යයි ප්‍රහාර එල්ල කරන අය ද සිටිති.
ඔහු වැඩිපුර කතා කරන්නේ ඇමෙරිකාව වැනි තැන් වලට අදාළ ලොකු ලොකු දේවල්ය.
“අපි යවපු ලිපිය නිසා දින 90 ක බදු සහනයක් ට්‍රම්ප් ලබා දුන්නා” යයි මහා පචයක් කියා ඔහු ඇදගෙන නාමින් ප්‍රහාරයකට හා විහිළුවක් බවට පත්විය.
දැන් එම නි ඇමති අල්ලාගෙන ඇත්තේ IMF එකය. මාළිමාව ගෙන යන වැඩ පිළිවෙලට එහි ප්‍රධානියා ජනපති අනුර ට “එල බ්‍රෝ කියා එනම් නියමයි මචං” යයි පැසසූ බව නියෝජ්‍ය ඇමති තවත් මහා පචයක් කියා තිබේ.
IMF ප්‍රධානියා ගේ නම ජෝර්ජියේවා ය. ඇය ලංකාවට පැමිණ නැත. එසේම අනුර ජනපතිවූ පසු ඇමෙරිකාවට හෝ වොෂින්ටනයට පැමිණ නැත. ඒ තුළ IMF ප්‍රධානියා හමුවුණාය ඇය ජනපති අනුරට දැඩි ලෙස පැසසුම් කළාය යන්න ඉතා පහත් මහා පචයකි. මෙවැනි පච එම මිනිසුන්ට ආරංචි වූවහොත් එවිට රටේ ප්‍රතිරූපයට සිදුවන හානිය කෙතරම් ද?
රනිල් ජනපති වූ විට ඔහු එක්සත් ජාතීන් ගේ සැසිය ඇමතීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් වෙත පැමිණියේය එහිදී IMF ප්‍රධානි ජෝර්ජියේවා හා ලෝක බැංකු ප්‍රධානී සංජේ බංගා ද හමුවුහ. තවද ඇමෙරිකාවේ ප්‍රමුඛතම සමාගම් රැසක ප්‍රධානීන් හමුවී ලංකාවේ ආයෝජනය හා දෙරට අතර ආනයන අපනයන වෙළෙදාමට අදාළ තීන්දු රැසකට එළඔින.එම හමු සංවිධානය කළේ වොෂින්ටනයේ තානාපති මහින්ද සමරසිංහ ය.එම මධ්‍ය ආවරණ සිදු කළේ ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ දනුෂ්ක රාමනායක හා මෙම ලියුම්කරුය.
එම හමු වලට එවකට ජනපති ලේකම් සමන් ඒකනායක විදේශ ඇමති සබ්‍රි ජනපති ආර්ථික උපදේශක දිනේෂ් වීරක්කොඩි වොෂින්ටන් තානාපති මහින්ද සමරසිංහ හා නිව්යෝර්ක් එජා සමුළුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් ද එක්වූහ.
Saru FM Media