imf ණය වැඩසටහනේ 5 වන සමාලෝචනයට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ලැබේ  

0
1

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ  පස්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්ය මණ්ඩලය මට්ටමේ එකඟතාවකට එළඹ ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම පස්වාන සමාලෝචනය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 347 ක පමණ මූල්‍ය පහසුමක්  ලබා ගැනීමට ප්‍රවේශය ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (09) ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට අඛණ්ඩව සහාය වී තිබෙන බවත් එසේම උද්ධමන ඉලක්කය කරා ළඟා වීමට , සංචිත ගොඩනැංවීමට සහ මූර්ත  දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට සහ ආදායම් වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවන් ඉක්මවා යාමට අඛණ්ඩව සහාය වී තිබේ. මෙම වැඩසටහන යටතේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බව ද මුල්‍ය අරමුදල තවදුරටත් කියයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ පස්වන සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇත.

ශ්‍යාම්  නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here