IMF කොන්දේසිවලට යටවෙලා මාලිමා ආණ්ඩුව පොහොර සහනාධාරය කපන්නයි යන්නේ! ලයිට් බිල වැඩි කරන්නයි යන්නේ! ගොවියටයි රටටයි දෙයියන්ගේම පිහිටයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
7


ජනාධිපතිවරණයත් මහමැතිවරණයත් අවසන්ව 3 වැනි මැතිවරණයටත් පිට පිටම මුහුණ දෙන බවත් පසුගිය ජනාධිපතිවරණය සහ මහමැතිවරණය මාලිමාව ජයග්‍රහණය කළේ බොරු කියා බවත් දැන් පරණ බොරුත් අලුත් බොරුත් එකතු කර ගමේ බලයයි නගරයේ බලයයි ගන්නත් මාලිමාව උත්සාහ කරමින් සිටින බවත් රටේ ජනතාව ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ඉදිරිපත් කළ පොරොන්දු ගැන හොදට හිතේ තබාගෙන මෙවර බුද්ධිමත්ව කටයුතු කරන ලෙස විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සුබ නැකතින් රට අනුරට දීලා පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කිව්වත් ඇත්තටම එවැනි දෙයක් සිදු වෙලාද කියා සොයා බැලිය යුතු බවත් සුබවාදී දේ අත්පත් වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ පාලකයන්ට පමණක් බවත් ජනතාවට වුණ පොරොන්දු කිසිවක් ඉටු කිරීමට මේ රජය කටයුතු කර නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මොනරාගල මැතිවරණ කොට්ඨාසයේ පැවැති ජන හමුවක් අමතමිනි.

බලයට පැමිණ පසු සහල් කිරිපිටි හා පොල් ඇතුළු බඩු මිල අඩු කරනවා කිව්වත් බඩු මිල වේගයෙන් වැඩි වී ඇති බවත් ජනතාවට අවශ්‍ය ලු‍‍‍‍‍‍ණු ටිකවත් දී ගන්න බැරි ආණ්ඩුවක් අද බිහිව ඇති බවත් විදුලි බිල 33%කින් අඩු කරන බව පැවසුවත් බලයට පැමිණි පසු විදුලි බල මණ්ඩලය ලාභ ලබන මොහොතක එම ප්‍රතිලාභය ජනතාවට නොදී මාස 6කට විදුලි බිල අඩු නොකරන බවට ජනතාවට පැවසු විට ජනතාව එයට එරෙහිව නැගි සිට මහජන උපයෝගීතා කොමිසමට යාම නිසා 20%කින් විදුලි බිල අඩු කළ බවත් තවත් 13%කින් අඩු කිරීමට ඇති බවත් එය අඩු කරන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම වරායෙන් බාන කොට තෙල් සදහා එක මිලක් පාරිභෝගිකයාට තවත් මිලක් එයට හේතුව කොමිස් දුෂණ වංචා හොරකම නිසා බවත් තෙල් මත ලොකු බදු බරක් ඇති බවත් එය ඉවත් කර තෙල් මිල අඩු කරනවා කිව්වත් තවමත් අඩු නොකළ බවත් බඩු මිල, වැට් බදු, සෙසු බදු ආදිය අඩු කරන බව පැවසුවත් එය ද නොවූ බවත් රටේ ජනතාවගේ ලුණු අවශ්‍යතාවවත් මේ රජයට සපුරා ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දැන් ලක්ෂ 220ම රවටලා ඉවරයි

මේ වන විට ලක්ෂ 220ක් ජනතාව රවටා බලයට පැමිණි බවත් එසේ රවටා දැන් අලුත්ම ජාත්‍යන්තර බොරු 2කුත් රජය කියමින් යන බවත් බොරු පිට බොරු කියූ මේ රජය අලු‍‍‍ත්ම බොරුව ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැනවූ ප්‍රතිචාරක බදු දින 90ට අත්හිටවූයේ රජය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ලියූ ලියුමක් නිසා යැයි රජයේ ඇමතිවරයෙකු කිව්වත් මේ සහනය අපට පමණක් නොව බදු ගැසූ සෑම රටකටම ලබා දුන් බවත් එසේ කියා වෙනමම දූත කණ්ඩායමක් අපේ රටින් ගොස් සාකච්ඡා අවසන් කර ඇති බවත් ඒ සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් අවසානයේ එවැනි නිවේදනයක්වත් නිකුත් නොවූ බවත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඕන නිවේදනය නම් නිකුත් කර ඇති බවත් මේ නිවේදනයට ඇමෙරිකානු රජය සම්බන්ධ නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොහොර සහනාධාරය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටිනවා

මේ මොහොත වන විට වගා කරන්න ආධාර කියා නව වැඩපිළිවෙළක් ආරම්භ කර පොහොර සහනාධාරය අහිමි කරන්න රජය සූදානම් බවත් රජය අයි එම් එෆ් එකට යට වී අයි එම් එෆ් කිය කියන කියන පදයට නටන ආණ්ඩුවක් ඇති බවත් එම නිසා පොහොර සහනාධාරය පවා කප්පාදු කරන්න කටයුතු කරන අවස්ථාවේ එය රැකගන්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පාතාලය රටේ හැමතැනම පැතිරිලා. රජයට නිසි වැඩපිළිවෙළක් නෑ

අද වන විට අප රටේ ජන සමාජය මංකොල්ලකරුවන්ගේ, මිනිමරුවන්ගේ, ඝාතකයන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් සංවිධානාත්මක අපරාධ කල්ලි කුඩු කණ්ඩායම් මිනිමරුවන් ඝාතක කණ්ඩායම් රටේ නීතිය අතට ගෙන පාතාල නීතිය ක්‍රියාත්මක කරන බවත් නීතියේ පරමාධිත්‍ය අද විනාශ වී ඇති බවත් නීතිය හා සාමය කඩවෙමින් පවතින බවත් මේ රජයට නීතියේ ආධිපත්‍ය සුරක්ෂා කරන්න නොහැකි නිසා කැලෑ නීතිය ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිවසේ දී කාමරයේ දී මහමගදී වැඩබිමේදී උසාවියේ දී පවා මිනිමැරුම් සිදුවන බවත් මේ මිනිමරු කණ්ඩායම් තමන්ට රිසි ආකාරයට කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ රජය සහ ජනාධිපතිවරයාට නීතිය හා සාමය ස්ථාපිත කළ නොහැකි බවත් ඔවුන්ට නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් කයිවාරු ගැසීම පමණක් සිදු කරන බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ රජයට අද ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here