IMF කළමනාකාර අධ්‍යක්ෂ ජෝර්ජිවා දිවයිනට

0
2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය තෙදින සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් අද (16) පස්වරුවේ දිවයිනට පැමිණියාය.

ඇයගේ මෙරට සංචාරය අතරතුර ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳවද සෘජුවම නිරීක්ෂණය කිරීමට නියමිතය.  

ඒ අතරතුර ඇය, රජයේ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශ්වකරුවන් හමුවී සාකච්ඡා පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. 

ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු සඳහා සහය විය හැකි ක්‍රම සහ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දායක විය හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here