දෙදින නිල සංචාරයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අද (16) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
එළැඹෙන 18 වැනිදා තෙක් මෙරට රැඳී සිටින ඒ මහත්මිය සිය සංචාරය අතරතුර රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතය.
ඇයගේ සංචාරය අතරතුර රජයේ බලධාරීන් මෙන්ම ප්‍රධාන පාර්ශවකරුවන් හමුවනු ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවු බලපෑම පිළිබද සෘජුවම නිරීක්ෂණය කිරීමට ද සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු සඳහා සහාය විය හැකි ක්‍රම මෙන්ම සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනගා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දායක විය හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිතය.
📌 සබැඳි පුවත්
Saru News










