රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW :
78 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට III වන චාල්ස් රජු සිය උණුසුම් සුබ පැතුම් එක් කර තිබේ.
කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම පණිවිඩය යොමු කර ඇති අතර, III වන චාල්ස් රජු එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර ඇති ශක්තිමත් ඓතිහාසික සබඳතා ඉස්මතු කර ඇත.
අධ්‍යාපනය, වෙළඳාම සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාවයටද ප්‍රශංසා කර ඇති III වන චාල්ස් රජු , දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන් කෙරෙහි ඔහු අනුකම්පාව පළ කර අත.
ශ්‍රී ලංකාවේ හදිසි සේවාවන්හි කැපවීම අගය කළ අතර, 2026 දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීම අපේක්ෂාවෙන් සිටින බවද සඳහන් කර ඇත.
තවද,ජාතික නිදහස් දිනය නිමිත්තෙන් බහරේනයේ හමාඩ් බින් ඉසා අල් කලීෆා රජු ද 78 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා ඇති බව සඳහන් වේ.
Saru News










