ICTA ඈවර කර එන ‘GovTech’

0
3

ඩිජි­ටල් ආර්ථික අමා­ත්‍යාං­ශය යටතේ ක්‍රියා­ත්මක වන තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ නියෝ­ජි­තා­ය­ත­නය (ICTA) ඈවර කර ඒ වෙනු­වට වඩාත් කාර්ය­ක්ෂම රාජ්‍ය තාක්ෂ­ණික සේවා­වක් සැප­යීම සඳහා ‘GovTech’ ආය­ත­නය පිහි­ටු­වී­මට රජය තීර­ණය කර තිබේ. 

ශ්‍රී ලංකාවේ ඩිජි­ටල් පරි­ව­ර්තන ක්‍රියා­ව­ලිය වේග­වත් කිරීම සහ රාජ්‍ය අංශයේ තාක්ෂ­ණික කාර්ය­ක්ෂ­ම­තාව ඉහළ නැංවීම අර­මුණු කර ගනි­මින් මෙම ප්‍රති­සං­ස්ක­ර­ණය සිදු කෙරෙන බව ඩිජි­ටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීර­රත්න මහතා පැව­සීය. 

අමා­ත්‍යාං­ශයේ පෙරේදා (11) පැවැති මාධ්‍ය හමු­ව­කදී ඩිජි­ටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීර­රත්න මහතා ‍ මේ බව සඳ­හන් කළේය.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක් වූ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා,

“අපේ රජයේ ඩිජි­ටල් ආර්ථි­ක­යට සම්බන්ධ ප්‍රති­පත්ති සකස් කිරීම සඳහා ඩිජි­ටල් ආර්ථික අධි­කා­රි­යක් (Digital Economy Authority) පිහි­ටු­විය යුතුව තිබෙ­නවා. ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කිරීම සඳහා GovTech වැනි තාක්ෂ­ණික ආය­ත­න­යක් අවශ්‍ය බව අප මුලින්ම ඉදි­රි­පත් කළ සැලැස්මේ ප්‍රධාන අංග දෙකක් ලෙස සඳ­හන් කළා. GovTech කියන ආය­ත­නය ඉස්සර තිබූ ICTA ආය­ත­නය ප්‍රති­සං­වි­ධා­නය කර­මින් ඉදි­රි­යට ගෙන යන නව ආකා­ර­යක ආය­ත­න­යක්. ඒ අනුව ICTA විසින් කළ කාර්ය­යන් මෙතැන් සිට GovTech ආය­ත­නය විසින් භාර­ගෙන ඉදි­රි­යට ගෙන යාමට නිය­මි­තයි. ඒ අනුව GovTech ආය­ත­නය සම්පූ­ර්ණ­යෙන් ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය සියලු සැල­සුම් මේ වන­විට සකස් කර තිබෙ­නවා.
බොහෝ දෙනෙක් GovTech ආය­ත­නය ICTA ආය­ත­න­යට සමාන යැයි සිත­නවා. ICTA ආය­ත­නය ද රජයේ තාක්ෂ­ණික වැඩ­ක­ට­යුතු සඳහා ස්ථාපිත කළ ආය­ත­න­යක්. GovTech ආය­ත­න­යත් ඒ සම්බ­න්ධ­යෙන් කට­යුතු කර­නවා. නමුත් ICTA ආය­ත­නය ක්‍රියා­ත්මක වූ ආකා­රය සහ GovTech ආය­ත­නය ක්‍රියා­ත්මක වන ආකා­රය අතර පැහැ­දිලි වෙන­ස්කම් බොහෝ­ම­යක් තිබෙ­නවා.
මෙම ආය­ත­නය ස්ථාපිත කිරීම සඳහා ලෝක බැංකුව විසින් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 50ක් සහ ආසි­යානු සංව­ර්ධන බැංකුව විසින් ඩොලර් මිලි­යන 75ක් ලබා දීමට එකඟ වී තිබෙ­නවා. එම මුදල් ඉදිරි වසර හතර තුළ මෙම වැඩ­ස­ට­හන සඳහා ලබා­දී­මට නිය­මි­තයි. ඊට අම­ත­රව, ආර­ම්භක පිරි­වැය සඳහා භාණ්ඩා­රා­ගා­ර­යෙන් රුපි­යල් බිලි­යන 2ක මුද­ලක් සම්පා­ද­නය කර තිබෙ­නවා.
අප බලා­පො­රොත්තු වෙන්නේ රට තුළ තිබෙන ඩිජි­ටල් යටි­තල පහ­සු­කම් තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මයි. ඊට අම­ත­රව, ගමට ගියාම ග්‍රාම නිල­ධාරී මහ­ත්ව­රුන් විසින් ලබා­දෙන සේවා පවා ඩිජි­ට­ල්ක­ර­ණය හරහා වඩාත් කාර්ය­ක්ෂ­මව ජන­තා­වට ලබා­දිය හැකි ආකා­ර­යට පද්ධති සකස් කිරීම අපේ අර­මු­ණක්. ඒ සඳහා ගම් මට්ටම දක්වා ජාල පද්ධති (network) ශක්ති­මත් කිරීම වැනි වැඩ­පි­ළි­වෙළ අප සැල­සුම් කර තිබෙ­නවා.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here