ICC එක්දින පිටියේ ශ්‍රී ලංකාවට උසස් වීමක් – ටෙස්ට් පිටියේ දී ප්‍රබලයෝ දෙදෙනෙක් පහතට

0
4


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි ස්ථානය දක්වා පැමිණ තිබෙනවා.

ඒ තරග 36කට මුහුණදෙමින් ප්‍රසාද ලකුණු 3730ක් ලබා ගනිමින්.

මෙම ලැයිස්තුවේ පළමු තැන සිටින්නේ සුපුරුදු පරිදි ලෝක ශූර ඉන්දීය කණ්ඩායම යි.

දෙවැනි තැන නවසීලන්තය සහ තෙවැනි තැන ඔස්ට්‍රෙලියාව හිමිකරගෙන සිටිනවා.

මේ අතර ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන දෙකකින් ඉදිරියට ඒමට එංගලන්තය සමත් ව සිටිනවා.

මැයි 03 වැනි දින සිදු කර ඇති නවතම යාවත්කාලීන කිරීම්වලට අනුව එංගලන්තයට මේ වනවිට (මැයි 05) හිමිව ඇත්තේ ටෙස්ට් පිටියේ දෙවැනි ස්ථානයයි.

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව එක් ස්ථානය බැගින් පහත බැස තිබෙනවා.

ටෙස්ට් පිටියේ පළමු තැන ඔස්ට්‍රෙලියාවට හිමිව ඇති ආකාරයයි දක්නට ලැබෙන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here