ICC තීරණයට අභියෝග කරන්නෑ – බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්

0
9

2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) ගත් තීරණයට අභියෝග නොකරන බව, බංග්ලාදේශ ක්‍රිකට් මාධ්‍ය කමිටු සභාපති අම්සාඩ් හුසේන් පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය පිළිගන්නා බවයි.

ඊයේ ඩකා නුවරදී බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් මාධ්‍ය කමිටු සභාපති මෙම අදහස් පල කර තිබේ.

ආරක්ෂක හේතූන් මත බව පවසමින් බංග්ලාදේශය මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය කිරීම පසුගියදා ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව, බංග්ලාදේශය ක්‍රීඩා කරන තරග ඉන්දියාවෙන් පිටත රටකදී සහභාගී වීමට අවස්ථාව ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ තරගාවලියේ තරග කාලසටහනේ  වෙනසක් සිදු නොකරන බවයි.

බංග්ලාදේශයට සිය අවසන් තීරණය ගැනීමට නිශ්චිත කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබා දුන් අතර, බංග්ලාදේශය පැවසුවේ තම කණ්ඩායම ඉන්දියාවේදී තරග නොකිරීමේ ස්ථාවරයේ වෙනසක් නොමැති බවයි.

ඒ අනුව මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළේය.

(News1st)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here