ICCයේ තීරණයට බංග්ලාදේශයෙන් ගෞරවාන්විත පිළිතුරක්

0
9

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත්කර ඒ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට ICCය ගත් තීරණය අභියෝග කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට අදහසක් නොමැති බව වාර්තා වේ.

ඊයේ (24) ඩකාහි පැවති රැස්වීමකින් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය කමිටු සභාපති අම්සාඩ් හොසේන් මේ බව පවසා තිබේ.

බංග්ලාදේශය මෙවර ලෝක කුසලානයෙන් ඉවත්කිරීමට ගත් තීරණයට එරෙහිව ඔවුන් ICCහි ආරවුල් විසඳීමේ කමිටුවට යන බවට වාර්තාවන තොරතුරුවලට පිළිතුරු ලෙස ඔහු මේ බව පවසා ඇත.

මාධ්‍ය කමිටු සභාපතිවරයා පවසා ඇත්තේ,  ICCය තමන් එරෙහිව ලබාදුන් තීරණයට එරෙහිව එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවය.

“අපි ICC මණ්ඩලයේ තීරණය පිළිගත්තා. ICCය අපේ තරග ශ්‍රී ලංකාවට මාරු කරන්න බැහැ කියලා කියලා තියෙන නිසා, මේ අවස්ථාවේදී අපිට ඉන්දියාවට ගිහින් ක්‍රීඩා කරන්න බැහැ. අපේ ස්ථාවරයේ එලෙසම ඉන්නවා. අපි වෙනම බේරුම්කරණයකට හෝ වෙනත් කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට යන්නේ නැහැ” ඔහු පවසයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here