90 දශකයේ තිරගත වූ අමෙරිකානු නත්තල් හාස්‍ය චිත්‍රපටයක් වන ‘Home Alone’ චිත්‍රපටයේ කෙවින්ගේ මවගේ චරිතයට පණ පෙවූ ජනප්‍රිය විකට නිලි කැතරින් ඕ’හාරා ඊයේ (30) අභාවප්‍රාත්ත වී වී තිබේ.
මියයන විට ඇය 71වන වියේ පසුවුවාය.
හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් හි ඇගේ නිවසේදීම ඇය මරණයට පත්ව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1954 වසරේ දී කැනඩාවේ දී උපත ලබා ඇති ඇය, අමෙරිකානු මෙන්ම කැනේඩියානු නිලියක වන අතර, වසර 50ක වෘත්තීය ජීවිතය තුළ ඇය රංගන ශිල්පිනියකට අමතරව තිර රචිකාවක් ලෙසද කටයුතු කර තිබේ.
Primetime Emmy සම්මාන 2ක්, Golden Globe සම්මානයක්, Screen Actors Guild සම්මාන 2ක් ඇතුළු සම්මාන ලබා ගැනීමට ඇය සමත් වුවාය.
එමෙන්ම ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට ලොව පුරා ඩොලර් බිලියන 4.3කට වඩා උපයා තිබේ.
ඇය මිය ගිය බව දැනගැනීමෙන් පසු Home alone චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට (Kevin) රංගනයෙන් දායක වුණු Macaulay Culkin සිය ශෝකය සහ ගෞරවව ප්‍රකාශ කර තිබුණේ මේ ආකාරයටය.
“Mama. I thought we had time. I wanted more. I wanted to sit in a chair next to you. I heard you but I had so much more to say. I love you. I’ll see you later.”

Saru News










