කොණ්ඩෙ rebonding කළාද?
එහෙනම් ඔබේ හිසකෙස් වලට දීප්තිමත් සිනිඳු පෙනුමක් ලැබිල ඇති.
පොඩ්ඩක් ඉන්න. එහෙම නැද්ද?
ඔව් සමහර වෙලාවට කොණ්ඩෙ rebonding කළාට පස්සෙ ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබී ඔබේ හිසකෙස් වලට හානි වෙන්න පුළුවන්. මේ සඳහා බලපාන හේතු කීපයක් තියෙන්න පුළුවන්. අපි මුලින්ම බලමු මොනවද ඒ හේතු කියල?
නිසි ආකාරව rebonding කිරීමේ ක්‍රියාවලිය සිදු නොකිරීම
Rebonding කිරීමෙන් පසු පැය 72 ක් ඇතුළත කොණ්ඩය සේදීම
අධික හිරු එළියට හිසකෙස් නිරාවරණය වීම
කොණ්ඩා කටු, කොණ්ඩා පටි භාවිතයෙන් හිසකෙස් තදින් ගැට ගැසීම
සල්ෆේට් සහිත ෂැම්පූ වර්ගයක් භාවිතා නොකිරීම සහ නිරන්තර කන්ඩිෂනර් කිරීම මඟහැරීම
කොණ්ඩය bleaching කිරීම (වර්ණය ඉවත් කිරීම) සහ හිසකෙස් උණුසුම් කරන විලාසිතා කිරීම
දිගින් දිගටම උණුසුම් වතුරෙන් ස්නානය කිරීම වගේ හේතු නිසා කොණ්ඩය rebonding කිරීමෙන් පසු හානිවීම සිදුවෙනවා.
Rebonding (රීබොන්ඩින්) කිරීම රසායනික ක්‍රියාවලියක්. එයින් පසු තවදුරටත් ඔබේ ස්වභාවික හිසකෙස් ඔබ සතුව නැතිබව ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. එයින් පසු ඇත්තෙ රසායනික ක්‍රියාවලියක් මඟින් වෙනස් කර ඇති හිසකෙස් නිසා හොඳ පෙනුමක් පවත්වා ගන්න නම් නිසි පරිදි නඩත්තු කිරීම අනිවාර්‍යයි.
හොඳයි. දැන් මේ කුමක් හෝ හේතුවක් නිසා ඔබේ හිසකෙස් වලට හානිවී ඇත්නම් ඒ සඳහා කළ හැකි පිළියම් මොනවද කියල අපි බලමු.
කොණ්ඩය කපා දැමීම කොණ්ඩයට ආදරය කරන ඕනෑම කෙනෙක්ගෙ හිත රිදෙන දෙයක්නෙ.
නමුත්. හානිවූ හිසකෙස් පිළිසකර කරන්න නම් ගත යුතු මුල්ම පියවර වෙන්නෙ හානිවූ හිසකෙස් කෙළවරින් කපා දැමීමයි.
නැවත පිළිසකර නොකර හැකි මේ හිසකෙස් කෙළවර වල් කපා ඉවත් කිරීමෙන් යථා තත්වයට පත්කළ හැකි මට්ටමේ පවතින හිසකෙස් ගැන අවධානය යොමු කරන්න පහසු වෙනවා.
Rebonding (රීබොන්ඩින්) කළ පසු හිසකෙස් වියළී, පැළී, අඟින් කෙඳි වැනි තත්වයට පත්වී ඇත්නම් හිසකෙස් හානිවී ඇතිබව කලින්ම හඳුනා ගන්න ඔබට පුළුවන්.
හඳුනාගන්නා මුල් අවස්ථාවේදීම Rebonding (රීබොන්ඩින්) කළ හිසකෙස් සඳහා සුදුසු මොයිස්චරයිසර් (moisturizer) වර්ගයක් භාවිතා කිරීම හිසකෙස් තවදුරටත් හානිවීම වලක්වා ගන්න ඔබට උපකාරී වෙනවා.
මේ සඳහා වෙළඳපොලේ ඇති moisturizer mask මිලදී ගන්නත් ඔබට පුළුවන්.
එහෙම නැත්නම් ඔබට නිවසෙදීම සාදාගන්න පුළුවන් මොයිස්චරයිස් (moisturize)
වර්ගත් තියෙනව. ඒ අතර,
ආගන් තෙල් (argan oil) වලින් හිසකෙස් සම්බාහනය කිරීම,
රත්වූ පොල්තෙල් වලට කරපිංචා කොළ දමා සාදාගන්නා තෙල් මිශ්‍රණයෙන් හිසකෙස් සම්බාහනය කිරීම,
බිත්තර සහ මී පැණි මිශ්‍රකර හිසකෙස් වල ආලේප කර විනාඩි 45 ක් තබා සෝදා හැරීම,
අලිගැටපේර සහ විටමින් E මිශ්‍රකර හිසකෙස් වල ආලේප කර විනාඩි 20 ක් තබා සෝදා හැරීම වගේ සත්කාර ප්‍රධාන තැනක් ගන්නවා.
හිසකෙස් වල ඇති ස්වභාවික තෙල් ගතිය ඉවත් කරන්න වගේම rebonding කිරීමේදී රසායනික ද්‍රව්‍ය නිසා හිසකෙස් වලට වෙන හානිය තවත් වැඩි කරන්නත් හිරු එළියේ ඇති අහිතකර පාරජම්බූල කිරණ වලට හැකියාව තියෙනවා.
Rebonding (රීබොන්ඩින්) කිරීමෙන් පසු හානිවූ හිසකෙස් වලට හානිවීමේ ඉඩකඩ තවත් වැඩියි. ඒ නිසා හිරු එළියෙන් හිසකෙස් ආවරණය කරන ආලේපනයක් (hair serum / sunscreen) හිසකෙස් මත ගල්වන්න අමතක කරන්න එපා.
ඔබට සිනිඳු හිසකෙස් අවශ්‍ය නම් ඒ සඳහා වඩා සුදුසු කෙරටීන් සත්කාර කියල ඔබ දන්නවනෙ. අපේ හිසකෙස් වල වැඩිපුරම ඇති සංඝටකය කෙරටීන් නිසා හිසකෙස් මත නැවත නැවත කෙරටීන් යෙදීම හානිවූ හිසකෙස් යථා තත්වයට පත් කරන්න වගේම හිසකෙස් වල ප්‍රාණවත් පෙනුම නැවත ලබාදෙන්නත් උපකාර කරනවා.
Rebonding (රීබොන්ඩින්) කිරීමේ රසායනික ක්‍රියාවලියෙන් පස්සෙ හිසකෙස් හානිවීමේ ඉඩකඩ සාමාන්‍ය හිසකෙස් හානිවීමේ ඉඩකඩට වඩා වැඩි නිසා ඔබේ රූපලාවන්‍ය ශිල්පිනියගේ උපදෙස් හරි ආකාරව පිළිපැඳීම ඔබේ කොණ්ඩය ආරක්ෂා කරගන්න වගේම ඒ සඳහා වියදම් වූ මුදලට නිසි වටිනාකමක් ලබාදෙන්නත් හේතු වෙනවා.
ඉතිං හරි ආකාරව දැනුවත්ව ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන භාවිතා කර, ප්‍රමිතියෙන් යුතු විදිහට Rebonding (රීබොන්ඩින්) කිරීමෙන් දීප්තිමත් සහ සිනිඳු කොණ්ඩයක හිමිකාරියක් වෙන්න ඔබටත් පුළුවන්.
Saru FM Media