GSP+ දෙනවද නැද්ද බලන්න යුරෝපා සංගම් නියෝජිතයන් හෙට ලංකාවට එනවා! I Sri Lanka Latest News

0
6


යුරෝපා සංගමයේ GSP+ අධීක්ෂණ මෙහෙයුම් කණ්ඩායම හෙට (28) දින සිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. Sri Lanka Latest News

එම පිරිස මැයි මස 7 වනදා දක්වා ශ්‍රී ලංකා සංචාරයේ නිරත වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

GSP+ වැඩසටහන යටතේ වන ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේදී මෙරට ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා යුරෝපා සංගමයේ ප්‍රමුඛ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් මෙලෙස සංචාරයේ නිරත වනු ඇති.

ශ්‍රී ලංකාව විසින් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂාව සහ දේශගුණික විපර්යාස මෙන්ම යහපාලනය යන ක්ෂේත්‍ර ආවරණය කරනු ලබනවා.

අදාළ මෙහෙයුම් කණ්ඩායම මෙරට රජයේ නිලධාරීන්, අදාළ ආයතන, දේශපාලනඥයින්, සිවිල් සමාජය, ව්‍යාපාරික සංගම්, වෘත්තීය සමිති හමුවනු ඇති අතර අදාළ ක්ෂේත්‍ර චාරිකාවල ද නිරත වනු ඇති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here