Camellia sinesis ශාකයේ පත්‍රවලින් නිපදවන green tea (හරිත තේ) කියන්නෙ ප්‍රති ඔක්සිකාරක සහ පෝෂ්‍ය පදාර්ථ රාශියකින් පිරුණු පානයක්.
අද වෙද්දී ලෝකයේ ඉතාමත් ජනප්‍රිය සෞඛ්‍යමත් පානයන් අතර මුල් තැනක් හිමිකරගන්න green tea (හරිත තේ) ඔබ දැනටමත් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්.
එහෙමත් නැත්නම් පාවිච්චි කරන්න අදහස් කරගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්.
එහෙනම් අද අපේ ලිපිය ඔබට ගොඩක් වැදගත් වේවි.
අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ green tea (හරිත තේ) පානය කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල ගැනයි.
ඔබේ ස්නායු පද්ධතිය උත්තේජනය කරන කැෆේන් (caffeine), මානසික අවධානය පවත්වා ගැනීමට උපකාරී වන ඇමීනෝ ඇසිඩ් (Amino acid) සහ දත්වල එනැමලය ශක්තිමත් කිරීමට උපකාරී කරන ෆ්ලෝරයිඩ් (Fluoride) වැනි පෝෂ්‍ය පදාර්ථ green tea (හරිත තේ) වල අඩංගු වෙනවා.
ඒ වගේම තේ වල පොදුවේ අඩංගු EGCG වැනි ප්‍රතිඔක්සිකාරක වලින් පිළිකා සෛලවලින් නිරෝගී සෛල ආරක්ෂා කර පිළිකා නැවත ඇතිවීමේ අවධානම අඩු කරන බවත් විශ්වාස කරනවා.
green tea (හරිත තේ) වලට මේද දහනය කර ශරීරයේ අනවශ්‍ය බර අඩුකල හැකියි යන්න බොහෝ දෙනෙක් අතර පවතින වැරදි අවබෝධයක් ලෙස තමයි පරේක්ෂකයන් පවසන්නෙ.
ඔබ ආහාරයට ගන්නා අධික මේදය, දහනය කිරීමේ විශේෂ හැකියාවක් හරිත තේ වලට නැති බවයි ඔවුන්ගේ අදහස.
නමුත්, සුළු වශයෙන් මේද දහනය කරන අතරම green tea (හරිත තේ) වල අඩංගු කැෆේන් (caffeine) වලින් බඩගිනි ඇතිවීම පාලනය කරනව කියල නම් පරේක්ෂණ වලින් හෙළි කරගෙන තිබෙන බවයි සඳහන් වෙන්නෙ.
මේ මේද දහනය කිරීමේ හැකියාව සුළු වශයෙන් හෝ පැවතීම නිසා රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩුකරමින් හෘදයේ නීරෝගී පැවැත්මටත් green tea (හරිත තේ) උපකාරී වෙනවා.
අනවශ්‍ය ලෙස කැෆේන් (caffeine) අඩංගු පානයන් ඔබව නින්දෙන් ඈත්කර තබන බවයි පරේක්ෂණ මඟින් හෙළිවී තිබෙන්නේ.
නමුත් කැෆේන් (caffeine) නිසා ඔබගේ මානසික පීඩනය අඩුකර, සිරුරේ ප්‍රබෝධමත් බව ඇති කරන නිසා අධික ලෙස කැෆේන් අඩංගු කෝපි වැනි පානයන් වෙනුවට green tea (හරිත තේ) ආදේශ කර ගන්න ඔබට පුළුවන්.
ඒ කෝපි වලට වඩා අඩු මට්ටමක කැෆේන් (caffeine) අඩංගු වීම නිසා නින්දට බාධා කිරීම අඩු නිසයි.
ඔබේ බඩේ හෝ ශරීරයේ යම් යම් ස්ථානවල දැවිල්ලක් වැනි තත්වයන් හට ගන්නවා නම් green tea (හරිත තේ) පානය මඟින් එයට සහනයක් ලබාදෙන බවයි හඳුනාගෙන ඇත්තේ.
මීට අමතරව ඔස්ටියෝ ආතරයිටීස් හා රූමටොයිඩ් ආතරයිටීස් වැනි තත්වයන් වලට සහනයක් ලබා දීමට green tea (හරිත තේ) වලට හැකිබව මීයන් යොදාගෙන කරන ලද පර්යේෂණ මඟින් ඔප්පු වී තිබෙනවා.
ඔබේ සමේ ඇතිවන දද, ඉන්නන් වැනි තත්වයන් අඩු කිරීමට green tea (හරිත තේ) වලට හැකියාව ඇති නිසා ඒ සඳහා යොදාගන්නා ඖෂධ සඳහා green tea (හරිත තේ) වල සාරයන් එකතු කරගත හැකි බවයි පරේක්ෂණ මඟින් හෙළිවී තිබෙන්නේ.
මීට අමතරව UV කිරණ නිසා සමට ඇතිවන හානි අවම කරමින් සම යථා තත්වයට පත් කිරීමට green tea (හරිත තේ) වලට හැකිබව මීයන් යොදාගෙන කරන ලද පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙනවා.
හරිත තේ පානය මඟින් දෙවන මට්ටමේ දියවැඩියා රෝගයෙන් පෙළන පුද්ගලයන්ගේ ඉන්සියුලින් සඳහා ඇතිවන ප්‍රතිරෝධය අඩුකර එමඟින් රුධිරයේ සීනි මට්ටම අඩුකර මාශපේෂී සහ අක්මාවට අවශ්‍ය ග්ලූකෝස් ප්‍රමාණය අවශේෂණයට ඉඩ ලබාදීම සිදුකරන බව පර්යේක්ෂකයින් පෙන්වා දෙනවා.
නමුත් මෙම පර් යේෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලබා දුන් රෝගීන් දිනකට තුන් වරක් (එක් වරකදී 150ml) අවම වශයෙන් සති හතරක කාලයක්වත් green tea (හරිත තේ) පානය කල බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ඔබත් green tea (හරිත තේ) පානය කරනවා නම් හෝ පානය කරන්නට අදහස් කරනවානම් 100% හරිත තේ එහෙමත් නැතිනම් green tea වෙලඳපොලෙන් මිලදී ගැනීමෙන් පමණක් මෙම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි පර්යේෂකයන් තවදුරටත් සඳහන් කරන්නේ.
ඉතිං මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.
සටහන – දුලානි නවෝද්‍යා
Saru FM Media